මැතිවරණ කොමිසම ගැටළුවක,..ජනාධිපතිවරණය ?
නව පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන්
ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාට ශ්රේෂඨාධිකරණයෙන් ලැබුණු වාරණයත් සමග
මේ දක්වා පොලිස්පති ධුරය හිස්ව පවතින අතර පසුගිය දා ජනාධිපතිවරයා ප්රකාශ කර
සිටියේ කතානායකවරයාට හා අගවිනිසුරුවරයාට සාකච්ඡා කොට තීරණයක් ගන්නා ලෙසට තමා දන්වන
බවයි.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව දීර්ඝ ලෙස පොලිස්පති
ධුරය හිස්ව තිබීම පිළිබදව සාකච්ඡා කොට ඇති අතර ජනාධිපතිවරණයට අදාළ තවත් කරුණු ගණනාවක්ම එහිදී සාකච්ඡා කළ බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙය වන අතර පොලිස්පති ධුරය හිස් වීමේ ගැටළු කුමන ආකාරයකින්
ජනාධිපතිවරණය පැවැත්වීමට බලපාවිද යන්න තවමත් නිවැරදිව ප්රකාශ කළ හැකි තත්ත්වයක
නොපවතින බව කිව යුතුය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්