රනිල්ගේ සහායට මන්ත්‍රීවරු 92ක් - PMD
2024 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ
මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව තහවුරු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
92නෙකු තම කැමැත්ත පළකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30)
සවස ජනාධිපති කාර්යාලයේ දී පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී මෙම එකගතාවය පළකර
ඇතැයි වැඩිදුරටත් සදහන් වෙනවා.
නැවත දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැගිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම මන්ත්‍රීවරු පවසා ඇති බව ද වාර්තා වෙනවා.
තමන් අසීරුවෙන් ගොඩනැගූ පක්ෂය රට ගැන නොසිතා සුළුතරයක බලපෑම මත ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර මෙම තීරණයට එළැඹි බව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එක්ව සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස්
දක්වමින් කියා සිට ඇත්තේ 2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක්වු අවස්ථාවේ රට ගොඩනැගීමේ වගකීම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදා ද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමග එක් වූ බවත්ය.
ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බව ද පවසා තිබෙනවා.
රට ගොඩනැගීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූතිය ද පළකර තිබෙනවා.
අමාත්‍යවරුන් වන අලි සබ්රි, රමේෂ් පතිරණ, රාජ්‍ය
අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, පියංකර ජයරත්න, ඩී.බී හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේමනාත් සී. දොළවත්ත, ජානක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න, ඩග්ලස් දේවානන්ද, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දක්වා තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව ඇති බව වාර්තා වේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්