ගොවියා රජකරවන යුගය අතළගයි - වසන්ත සමරසිංහ
මේ රටේ දේශපාලනය වෙනස්
වී තිබෙන ආකාරය පිළිබඳව වැඩිහිටි ගොවි අම්මා තාත්තලාටත් අපි හැමෝටමත් හොඳ අවබෝධයක්
තිබෙනවා.
අද වෙන කොට ගොවි බිමේ
අසරණ වී සිටි ගොවියාට අවශ්‍ය බීජ, පොහොර, වතුර ලබාදී ශක්තිමත් කිරීමේ වගකීම ජාතික
ජන බලවේගය බාර ගන්නවා යැයි ඊයේ (30) බුල්නෑවේ දී පැවති අනුරාධපුර ගොවි රැළිය අමතමින් ජාතික ජන
බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
වැඩිදුරටත්
අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රනිල්ලා – රාජපක්ෂලා එකතු වී 2022 මැයි මාසයෙන් පසුව ගෙනගිය පාලනය
සම්බන්ධයෙන් දැන් ඔවුන් දෙකට බෙදී, ප්‍රහාර එල්ල කර ගන්නවා. අපේ රටේ ජනතාව මේ
කරුණු හොඳින් අවබෝධ කර ගෙන සැප්තැම්බර් 21දා පුනරුද යුගයට මුල පුරමින් අනුර කුමාර
සහෝදරයා රටේ
ජනාධිපතිවරයා කරමු.
අපේ ආදරණීය අම්මා
තාත්තලාගේ වෛද්‍ය වාර්තා තුනක් අරගෙන බැලුවොත් එක් අයෙක් වගුගඩු රෝගයෙන් පෙළෙන,
බරපතළ ප්‍රශ්නයක් අනුරාධපුරේ තිබෙනවා. වැව් බැඳි රටේ මිනිසුන්ට පිරිසිදු පානීය ජලය
ලබාදෙන්නත් මෙතෙක් සිටි පාලකයන් අසමත් වී තිබෙනවා. මහා රත්තරං පොළොවක් උඩ ඉන්න අපි
එළවළු ටික පලතුරු ටික පිටරටින් ගෙන්වන්න පුරුදු වෙලා තිබෙනවා. අපේ ගොවියට බීජ ටික,
පොහොර ටික ලබා දීලා, නව තාක්ෂණය හඳුන්වාදී කෘෂිකර්මාන්තයේ පිරිවැය අඩු කර,
ගොවියාගේ ආදායම් වැඩි කළ යුතුයි. මේ පාලකයන් ගොවි අම්මා තාත්තා එක්ක ඒ කරුණු
සාකච්ඡා නොකර වැව් සොරොව්වෙන් එන වතුර ටිකට මීටරයක් සවි කර, වතුර විකුණන්න සූදානම්
වෙනවා.
අවුරුදු 2400කට වඩා පරණ පණ්ඩුකාභය රජු සැදූ පළමුවැනි
වැවේ සිට මහා වාරි කර්මාන්තයකට මුල පුරා ලංකාව වාරි ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ලෝකයේම
අවධානය දිනාගෙන තිබෙනවා. එවැනි බිමක ජීවත් වෙන අනුරාධපුරයේ ගොවි අම්මා තාත්තාගේ
නිෂ්පාදන ලෝකයත් සම්බන්ධ කරන්න මේ පාලකයන් කටයුතු කළේ නැහැ.
රනිල් වික්‍රමසිංහලාට
ගොවියා තවත් කරදරයක් විතරයි. මේ සියලු තත්වයන් වෙනස් කර ගන්න තව දවස් 45ක විතර
කාලයක් අපි හැමෝටම තිබෙනවා. හේනේ කුඹුරේ වැඩකරන ගමන් හමුවෙන හැමදෙනා එක්කම කතා
කරමින් පුනරුදයේ ජයග්‍රහණය සඳහා පළමුවැනි පියවර ලෙස ලබන 21දා අනුර කුමාර දිසානායක
සහෝදරයා ජනාධිපතිකමට තෝරා පත්කර ගෙන ගොවියා රජකරවන යුගයක් හදමු යැයි
වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්