විදෙස් ජාතික අන්තර් ජාල හොරු අල්ලයි
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ දී විදේශීය ජාතිකයින් 50කට වැඩි පිරිසක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා
වෙනවා.
වැඩබලන පොලිස් මාධ්‍ය
ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී පිරිමි පුද්ගලයන් 44ක් සහ කාන්තාවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
එම පිරිස පුත්තලම, කල්පිටිය
ප්‍රදේශයේ පිහිටි හෝටලයකක කලක සිට ජාවාරම සිදුකර ඇති අතර අධිකරණ නියෝගයක් ලබාගෙන එම හෝටලය පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාවේ දී මොවුන් සතුව ජංගම දුරකථන 98ක්, පරිගණක 44ක් සහ සිම් කාඩ් විශාල ගණනක් පොලිස් භාරයට ගෙන ඇති අතර පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔවුන්ගෙන් ලද තොරතුරු අනූව තවත් විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් භාරයේ තිබී රුපියල් කෝටියකට වැඩි මුදලක් ද පොලිස් භාරයට ඇති බව වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්