Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

අපිට උදව් නම් එපා, හැමෝම එකතු වෙමු - ලාල් කාන්ත

Aug 2, 2024 at 12:16 AM
|


ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා පැවති මහජන හමුවක් අමතමින් කියා සිටියේ අපි ඉන්නේ මෙතෙක් පැවැති 76 වසරක ඊනියා ප්‍රභූ පාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමේ තීරණාත්මක ජනාධිපතිවරණයක් අභියසයි. සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට තෝරා පත්කරගෙන ඉන්පසුව ජනතාවාදී පාලනයක් පිහිටුවා නව පුනරුද යුගය ආරම්භ කරනවා.

අපි කවුරුත් කතා කරන්නේ දේශපාලනික, ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් අපේ රට කඩා වැටී ඇති බවයි. ජනතාවාදී පාලනයකින් මේ කඩා වැටෙන තැනින් රට ගොඩගන්න ඕනෑ. මේ දක්වා මැතිවරණ සටන් බිමේ ජයග්‍රහණ කරා පිවිසෙන්න ඉඩකඩ අපට ඔවුන් ඉතිරි කර තිබුණේ නැහැ. ඒ තත්වය වෙනස් කර, මෙවර මැතිවරණයෙන් පීඩිත, ප්‍රගතිශීලී ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගැනීමේ පාලනයක් පිහිටුවා ගන්න හොඳම වටපිටාවක් හැදී තිබෙනවා. පුනරුද යුගයේ රට ගොඩනැගීම ආරම්භ කරන්නේ මේ වාසිදායක වටපිටාවේ මැතිවරණ ජයග්‍රහණවලින් පසුවයි.

රට ගොඩනඟන්න නම් මේ කුණුවී තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. එය වෙනස් නොකර ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩගන්න බැහැ. දේශපාලනය කුණු වෙනකොට අනිත් සියලු අංශ කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනකොට කෙහොම වුණත් සමාජීය සහ සංස්කෘතික ජීවිතයක් පවතින්නේ නැහැ. ආර්ථිකය හොඳයි නම්, යහපත් සමාජීය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම ජීවිතය වින්දනය කිරීමේ සංස්කෘතික ජීවිතයක් ගොඩනඟා ගන්නත් පුළුවන්. සංස්කෘතිය සම්බන්ධ පොදු විග්‍රහය හැටියට අපි පිළිගන්නේ “ස්වභාව ධර්මයෙන් අපට නොලැබුණු, මිනිසා විසින් නිර්මාණය කරගත්, සියල්ලගේම එකතුවයි” කියන අදහසයි.

මේ අවුරුදු 76යේ ලංකාවේ දේශපාලනය පදනම් වී තිබුණේ තමන් ධනවත් වීම මත මිස රට ධනවත් නොකිරීමේ ෆැමිලි බිස්නස් එක මතයි. රට ධනවත් කරන දේශපාලනයක් ආරම්භ කිරීමේ හැරවුම ලබාගන්න රොද බඳින ලෙස හැමදෙනාටම අපි ආරාධනා කරනවා.

අපට හමුවන සමහර අය කියන්නේ මේ පාර නම් අපට උදව් කරනවා කියලා. මම ඒ අයට කියන්නේ කරුණාකරලා උදව් නම් එපා කියලා. උදව් කරන්නේ අසරණ වෙච්ච අයට, හදිසි අනතුරුවලට ලක්වුණු අයට වගේ අවස්ථාවලදී. අපි හැමෝටම කියන්නේ රටේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියටම තේරුම් අරගෙන ඒ තත්වය වෙනස් කරන්න අපි ඔක්කෝම එකතු වෙමු කියලා. රටේ කඩා වැටීමට පාලකයන් වගකියන්න ඕනෑ තමයි. නමුත් ජනතාව ලෙස අපි හැමෝම ඒ සඳහා වගකියන්න ඕනෑ. කාටවත් ඡන්දය නොදී ගෙදර බුදියාගෙන හිටපු කෙනෙක් වුණත් තමන්ගේ වගකීම හරිහැටි ඉටුනොකළ නිසා වගකියන්න ඕනෑ. දැන් අපි හැමෝම එකතු වී මේ රටේ අලුත් පරිච්ඡේදයක් ලියන්න සූදානම් වෙමු යැයි වැඩිදුරටත් කියා සිටියා. 

Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (20) නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.
අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබනු ලැබුවා.
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.