ගංගාරාමයේ “පොඩි හාමුදුරුවෝ” අපවත් වෙති.
මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ අද (02) දහවල් කොළඹ පෞද්ගලික රෝහලක දී අපවත් වූ බව වාර්තා විය.
අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.
කලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් මෙන්ම
මෙරට රෝහල් වලින් ද ප්‍රතිකාර ලබමින් සිටියා.
“පොඩි හාමුදුරුවෝ” යන අන්වර්ථ නාමයෙන් හැදින්වූ විට බොහෝ දෙනා දැන හදුනා ගන්නා
උන්වහන්සේ 1943 දෙසැම්බර් 13 වැනි දින මාතර ගල්බොඩ ග්‍රාමයේ උපත ලද අතර වයස අවුරුදු 08 දී මහණ දිවියට එක්ව 1959 සිට කොළඹ ගංගාරාම විහාරස්ථානය බාරගෙන මානව
දයාව, සමානාත්මතාවය සහ මනුෂ්‍යත්වයට සේවය කිරීම සඳහා වූ ගැඹුරු
කැපවීමකින් එය පවත්වාගෙන ගිය අතර ජාත්‍යන්තරයේ ද වන්දනීය පූජනීය තැනක් බවට පත්කරමිනි.
මූලික වශයෙන් වෘත්තීය අධ්‍යාපනය, නිවාස නොමැති අයහට නිවාස, වැඩිහිටි නිවාස වෘත්තීය
අධ්‍යාපන ක්ෂේත්රය තුළ ගංගාරාම විහාරස්ථානය නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදෙන්නට “ශ්‍රී
ජිනරතන අභ්‍යාස ආයතනයේ” බිහිකර
මහගු සමාජ සේවයක් සිදුකරන ලද යතිවරයෙකි.
සම්බුද්ධ ශාසනයට මෙන්ම ගිහි සමාජයට
අමිල මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේට
උතුම් නිවන් සුව අත්වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්