කැබිනට් තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
විද්‍යුත් වීසා සේවා පැවති ක්‍රමවේදය වෙනස් කරමින් විදෙස්
සමාගම්
මාර්ගයෙන් පහසුකම් ලබාගැනීමට ඇමති මණ්ඩලය
ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක්
නිකුත් කර ඇති
බව වාර්තා වේ.
ඒ අනුව නව ක්‍රමවේදය
ආරම්භ කිරීමට පෙර පැවති ක්‍රමවේදය යටතේ වීසා සේවා ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කර ඇත.
ගුවන්තොටුපළ ආශ්‍රිතව
ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාවට
සම්බන්ධ වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය
ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ
නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් අදාළ තීරණය ක්‍රියාත්මක වීම
වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්
සලකා බැලීමෙන්
අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්