Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

“යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් - ජනපති කියයි

Aug 2, 2024 at 09:13 PM
|


දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා “යාපනයට ගංගාවක්” (River for Jaffna) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තලෛඅඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

 

ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත්කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

 

වගේම ඉන්දියාව සමඟ එක්ව න්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. සිමෙන්ති කර්මාන්තශාලාව තිබු ස්ථානයේ ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. වගේම පලාලි දියුණු කළ විට එහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකියි.

 

විශේෂයෙන් මෙම ප්‍රදේශයට ආශ්‍රිතව සුළං බලශක්තිය සහ සූර්ය බලශක්තිය විශාල වශයෙන් නිපදවිය හැකි අතර එයින් තවත් ආදායම් ලබාගත හැකියි. අනුව ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීමට නියමිතයි යනුවෙන් ද අදහස් දක්වා සිටියා.


 

Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (20) නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.
අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබනු ලැබුවා.
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.