බංග්ලාදේශය ගිනිගනී, අගමැතිනිය රටින් පළායයි.
2022 මැයි 09 ලංකාවේ ඇති වූ අරගලය හා
සමවෙමින් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා ක්රියාමාර්ගයකින් පසුගිය ජූලි මස ඇති
වූ බංග්ලාදේශ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2009 වර්ෂයේ සිට එරට අග්‍රාමාත්‍ය ධුරය
හෙබවූ ෂීක් හෂීනාට අද (05) එම ධුරය අතහැර රටින් පළායන්නට සිදු විය.
එහි උච්චතම අවස්ථාවේ දී ඇය එරට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් ගොස් බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් සී 130 හර්කියුලීස් යානයකින් ඉන්දියාව බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඇය තම ධුරයෙන් ද සමුගන්නා බව ද ඒ අතරතුර ප්‍රකාශ කර ඇත.
අරගලකරුවෝ අග්‍රාමාත්‍ය නිල නිවස, පාර්ලිමේන්තුව, අනෙකුත් රජයේ ආයතන, කෞතුකාගාර, පිළිරූ විනාශ කරමින්, මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට ප්‍රහාර එල්ල කරමින්, රජයේ දේපළ කොල්ලකමින් වීදි පුරා සැරිසරන ආකාරය හා රජයට පක්ෂපාතී සිවිල් පුරවැසියන්ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ විදෙස් මාධ්‍ය තවමත් වාර්තා කරමින් පවතී.
අග්‍රාමත්‍යතුමිය රටින් පළායාමත් සමග ජාතිය ඇමතූ එරට හමුදා
ප්‍රධානී වකර් උස් සමාන් ප්‍රකාශ කර සිටියේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවයි. “අපි දැන් රට බාරගන්නවා, ඝාතනයට ලක්වූවන්ට එරෙහිව වරදකරුවන් නීතිය
හමුවට පමුණුවනවා, දැන් ප්රචණ්ඩ ක්‍රියා නවත්වන්න.”
යනුවෙනි.
බංග්ලාදේශයේ නාමමාත්ර ජනපති ධූරයක් පවතින අතර ඔහු මෙබඳු ප්‍රශ්න හමුවේ සක්‍රීය වේ. තමා ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් හමුවීමට යන බවත්, දවස අවසානයේදී “විසඳුමක්” ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හමුදා ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.
රජයේ රැකියා සඳහා කෝටාවක් ලබාදීමේ
අසාධාරණයක් මත පැන නැගුණු සිසු විරෝධතාව පසුව විකෘති වී හසීනාගේ රජයට එරෙහි
කැරැල්ලක් ලෙස මතු වූ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ 2022 අරගලයට සමාන සැලසුමකින් සියල්ල ක්‍රියාත්මකවූ
බවයි. මෙහිදී සිය ගණනක් ජීවිත අහිමි විය.
බංග්ලාදේශයේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්
හාර්ෂ් සිංග්ලා පසුගියදා පවසා ඇත්තේ ෂීක් හසීනාට එරෙහි ව්‍යාපාරය පිටුපස විදේශීය
හස්තයක් ඇති බවයි. ඩකාහි සාමය යථා තත්ත්වයට පත් කිරීම ඉන්දියාවට අවශ්‍ය බවත්
ඉන්දියාව ඉදිරියේදී බංග්ලාදේශයේ බලයේ සිටින්නේ කවුරුන් හෝ සමඟ සාකච්ඡා කළ යුතු
බවත් ඔහු කියා ඇත.
ෂීක් හසීනා බෙංගාලය හරහා දිල්ලියට පැමිණ
ඇතැයි වාර්තා වන අතර ඇය සී 139 හර්කියුලීස් යානය දිල්ලියට ආසන්න ගාසියාබාද්හි හින්ඩන් ගුවන් හමුදා කඳවුරට ගොඩ
බස්වා ඇත. ඉන් පසු ඇය ලන්ඩන්, ෆින්ලන්තය හෝ වෙනත් රටකට යාමට සැලසුමක් ඇතැයි වාර්තාවේ. ඉන්දියාවේ
ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ගාසියාබාද් හි හින්ඩන් ගුවන් කඳවුරේදී අගමැතිනි ෂීක්
හසීනා හමුවූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වන විට ඉන්දියාව බංග්ලාදේශ බලා යන
සියලුම දුම්රිය අවලංගු කර ඇති අතර බංග්ලාදේශයේ, ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
ද ගුවන් මෙහෙයුම් නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්