ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ දැයෙන් සමුගනිති
අපවත්
වී වදාළ ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, කොළඹ නව කෝරළයේ ප්‍රධාන
සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ
ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05)
පස්වරුවේ
විහාරස්ථානය ඉදිරිපිට සකසා තිබූ ආදාහන මළුවේ දී සිදුකෙරුණි.
මෙරට
ශාසනික සහ සාමාජයීය උන්නතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක නියැලි මහතෙර නමක් උන්වහන්සේ
කා අතරත් ප්‍රසිද්ධ වූයේ ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ ලෙස ය.
දීර්ඝ
කාලයක් තිස්සේ රෝගාතුරව වැඩ සිටි උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්
සිටියදී පසුගිය අගෝස්තු දෙවැනිදා අපවත් වන විට 81 වැනි වියෙහි පසුවිය.
උන්වහන්සේට
අවසන් ගෞරව පුදකිරීම සඳහා දේහය හුණුපිටිය ගංගාරාමයේ තැන්පත් කර තිබූ අතර ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, හිටපු
ජනාධිපතිවරුන්,මහා
සංඝරත්නය, ආගමික නියෝජිතයින්, මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් පසුගිය
දින දෙකේ මෙන්ම අද (05) ද උන්වහන්සේට අවසන් ගෞරව පුදකළහ.
ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ප්රමුඛ ජාතික ක්‍රිකට්
කණ්ඩායමද අද (05) දහවල් දේහයට අවසන් ගෞරව දැක්වීය.
ආදාහන
පෙරහර හුණුපිටිය හරස් පාර, ඩබ්ලිව්. ඒ. ඩී.
රාමනායක මාවත, සර් ජේම්ස් පීරිස්
මාවත, ජිනරතන මාවත ඔස්සේ
ගංගාරාමය ඉදිරිපිට ආදාහන මළුවට ළඟාවුණි.
ත්‍රෛනිකායික
මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ආදාහන
පූජෝත්සවය ඇරඹුණේ පස්වරු 4.30ට පමණ ඇරඹිණි.
දශක
හතක ශාසනික සේවය නිම කරමින් දැයෙන් නික්මෙන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ දේහය
ස්වාමීන් වහන්සේලාගේ උර මතින් චිතකයට වැඩම කරවනු ලැබුවේ ඉන් අනතුරුවය.
සෘජු
ගුණයෙන්, ආගන්තුක සත්කාරයෙන්, පරාර්ථ චර්යාවෙන් මෙරට ශාසනික ඉතිහාසයේ
පරිච්ඡේදයක් ලියූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කර
සිටිමු.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්