

ඡන්දය පාවිච්චි කිරීම පිළිබද බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා - මැ.කො.
මෙවර
ජනාධිපතිවරණයේදී ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද
මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බව සදහන් කරමින් සංසරණය වන
පුවත අසත්‍ය බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ, නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද
පොළට පරිබාහිර ඡන්ද පොළකදී තම ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති
බවයි.
මීට අමතරව, තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ
සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ
හැකියාව පවතින බව සදහන් වෙයි.
2024 ඡන්දහිමි නාමලේඛනයේ
ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය
ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් ඉදිරියේ දී තැපෑලෙන්
ලැබෙනු ඇති බව ද සදහන් වේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්
