ධම්මික බෑ කියයි - නාමල් එයි ?
ශ්රී ලංකා පොදුජන
පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමට සියල්ල සූදානම් කර තිබිය
දී පාර්ලිමේන්තු මන්ත්රී, ව්යාපාරික ධම්මික පෙරේරා මහතා එයින් ඉවත් වන
බව පොදුජන පෙරමුණට දන්වා තිබෙනවා.
අද (06) පස්වරුවේ
පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් ධම්මික පෙරේරා මහතා
අවධාරණය කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමාට ජනාධිපතිධුර අපේක්ෂකත්වය බාර ගැනීමට
නොහැකි බවයි.
හෙට (07) පෙරවරුවේ ශ්රී
ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය නම් කිරීමට සියල්ල සූදානම් කොට තිබිය
දී සිදු වූ මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් පොදුජන පෙරමුණට ජනාධිපතිවරණ
අපේක්ෂකයෙක් සොයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා
වේ.
ආරංචි මාර්ග වලට අනුව
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද ශ්රී ලංකා පොදුජන පෙරමුණ
අපේක්ෂකත්වයට ආරාධනා කර ඇති අතර එතුමා ද එය බාරගැනීමට ප්රතික්ෂේප කළ බව
වැඩිදුරටත් පැවසේ.
මෙම තත්ත්වය මත පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.
ධම්මික පෙරේරා මහතා විසින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත යැවූ ලිපිය පහතින්....Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්