සජිත් දිනවන සමගි ජන සන්ධානය එළිදකී
සමගි ජන බලවේගය ප්රමුඛ
දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ
දී එළිදැක්වීම
අද (08) සිදුකෙරිණි.
මෙවර ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ
ජයග්‍රහණය වෙනුවෙන් මෙම සන්ධානය එළිදක්වා ඇත.
මෙම සන්ධානය සදහා ඩලස් අලහප්පෙරුම මහතාගේ
නායකත්වයෙන් යුත් ජාතික නිදහස සභාව, දයාසිරි
ජයසේකර මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, රවුෆ්
හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්රගතිශීලී සන්ධානය, ප්රජාතන්ත්රවාදී
ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය
ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන
මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජී එල් පීරිස්, අර්ජුන රණතුංග, වී. රාධා ක්‍රිෂ්ණන්
යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉහත සදහහන් දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමග
අද ගිවිසුම්ගත වූ බව
වාර්තා වේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්