ගැහැණු අපි එක මිටට අනුර දිනවන ජනාධිපතිවරණය මේක - හරිනි අමරසූරිය
මේ ජනාධිපතිවරණය
සුවිශේෂී එකක් වන බව අපට විශ්වාසයි. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර
දිසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා. එයින් පුරවැසියන්ගේ
අපේක්ෂාව වී තිබෙන පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව උදාවී තිබෙනවා
යැයි අද (08) පැවති මාධ්‍ය හමුවක දී ජාතික ජන බලවේගයේ විධායක
සභික, පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කර සිටියා.
අරගලයේ
දීත් ඉදිරියෙන්ම සිටි කාන්තාවෝ විශේෂ කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම මාලිමාව වටා
එක්කවුණු කාන්තාවන් “ගැහැනු අපි එක මිටට” කියන තේමා පාඨයෙන් විශාල
දේශපාලනික සංවිධානය වීමක් සහ පිබිදීමක් ඇති කර තිබෙනවා. ඔවුන් නායකත්වය ගැනීම සඳහා පෙරට එමින්
සිටිනවා. සැ
සැප්තැම්බර් 21 ලැබෙන ඓතිහාසික තීන්දුවත් සමග මේ රටේ ගැහැනුන් අපේ
සහෝදරියන් සංවිධානය කරමින් නායකත්වය ලබාදීම නිසා මහන්සි වී කැපවීමෙන් කටයුතු කර,
ගැහැනු අපි නායකත්වය ගැනීමට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි.
සහෝදරියන්, ගැහැනුන් තමන්ට අවශ්‍ය නායකත්වය ලබාගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශාල
කාර්යභාරයක් සිදුකරන බව විශ්වාසයි.
මාලිමාවේ ගැහැනුන්ගේ
ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. මේ රටේ
ගැහැනු බලය, අනුර සහෝදරයා සමග එකට සිටගන්නා බව අපට විශ්වාසයි. විශාල වශයෙන් මුදල්
වියදම් කරමින් බොරු කියමින් ආණ්ඩුව සහ ඒ හා සමාන අනෙකුත් පක්ෂ තමන්ගේ බංකොලොත්භාවය
ප්‍රදර්ශනය කරමින් සිටිනවා.
මේ රට අර්බුදවලින් බේරා
ගන්න ඉදිරිපත් වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව නිතරම පවසනවා. මේක එක
බොරුවක්. රාජපක්ෂ පවුලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් බේරා ගන්න රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කළ
පසුව ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් හිස්වූ ජනාධිපති ධුරයට පොහොට්ටු මන්ත්‍රීවරු
විසින් රනිල් වික්‍රමසිංහව පත්කර ගත්තා. මේ රනිල් වික්‍රමසිංහ ගෙනයන බොරු ප්‍රචාරයේ
දෙවන කාරණය, ස්ථාවර කළ රට ඉදිරියට ගෙනයාම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසිවෙක්
නැති බව ප්‍රකාශ කිරීමයි. පෝලිම් යුගය අවසන් කිරීමෙන් රට ස්ථාවර බව ඔවුන් කියනවා.
නමුත් මේ ලෙස ප්‍රකාශ කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර කියන මූලික අවශ්‍යතා තුන හෝ
සපයා ගන්න නොහැකි වී ජන ජීවිත කඩා වැටී තිබියෙදීයි. ජන ජීවිත කප්පාදු කරගෙන තිබෙන
තත්වය පිළිබඳව අසංවේදී රනිල් වික්‍රමසිංහලා ජනතාව මුලාකරන්න විවිධ දත්ත ඉදිරිපත්
කරනවා.
මෑතකදී පටන් ගත්
තුන්වැනි බොරු ප්‍රචාරය “හොරු ආරක්ෂා කළේ නැහැ” කියන එක. මේ තරම් කුරිරු, විහිළු
කතාවක් කිසිම තැනකදී මම අහලා නැහැ. මොහුගේ දේශපාලන ජීවිතය පුරාම සිදුකර තිබෙන්නේ
ඔහුගේ යහළුවන් සහ හිතවත් අය ආරක්ෂා කිරිම වෙනුවෙන් බලය යෙදවීමයි. ඔහු පාතාල
නායකයන් පවා ආරක්ෂා කර තිබෙනවා. බැංකු හොරුන් ආරක්ෂා කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්,
රවී කරුණානායක, ආරක්ෂා කරන්න ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අද කියන්නේ හොරු ආරක්ෂා
කළේ නැහැ කියලා. එහෙම නම් 2015 යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ වංචනිකයන්,
දූෂිතයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට මැදිහත් වුණේ කවුද කියලා
අපි අහනවා යැයි ඇය වැඩිදුරටත් සදහන් කර සිටියාය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්