දමිළ පොදු අපේක්ෂකයා අරියනේත්‍රන්
පසුගිය දිනවල දිගින් දිගටම සාකච්ඡා වෙමින් පැවති දමිළ පොදු අපේක්ෂකයා අද (08) නම් කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
පී. ආරියනේත්‍රන් මෙලෙස දමිළ පොදු අපේක්ෂකයා ලෙස නම්කර
ඇති බව වාර්තා වෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ
පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල්
සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
වන සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු
දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මෙම අවස්ථාවට එක්ව
සිටියා.
ඒ අනුව, හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේත්‍රන් සහ නීතිඥයෙකු වන කේ.වී. තවරාසා
දෙමළ පොදු අපේක්ෂයා ලෙස
ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වී ඇති අතර, ඉන් වැඩි පිරිසකගේ කැමැත්ත
මත අරියනේත්‍රන් මහතා තෝරාපත් කරගෙන ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් උතුරේ ප්‍රධාන
දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල මතයක් ප්‍රකාශ
කර නොමැති අතර පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ගේ තීරණය මෙම සතියේදී ප්‍රකාශයට
පත් කරනු ඇති බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්