හරීන් මනූෂ ඉවත්ව යයි
හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන කරනු ලැබුවා.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය
ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම අමාත්‍යවරුන් ඉදිරිපත් කළ
පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර
යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්
මෙම තීන්දුව ලබා
දී ඇත.
සමගි ජන බලවේගයේ සාමාජිකයින්ව සිටි මනූෂ
නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ
සාමාජිකත්වය අහෝසි කරනු ලැබුවේ පසුගිය 2022 වසරේ
මැයි 20 වැනි දිනයි. පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගයේ මහලේකම්
රංජිත් මද්දුමබණ්ඩාර තීරණය කළේ ඔවුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් වත්මන්
රජයේ ඇමති ධූර බාරගත් හේතුවෙනි.
ඊට එරෙහිව ඔවුන් නීති මගට එලැඹි අතර පෙත්සම් විභාග කිරීම 2023
වසරේ ඔක්තෝම්බර් මස 12 වැනි දින ආරම්භ කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල
විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.
සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව මෙම තීරණ නිවැරදි බව
අධිකරණයේදී පිළිගැනිණි.
පක්ෂ සාමාජිකත්වය අහෝසි වීම
හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ මන්ත්‍රී ධුරද අහෝසි වන අතර ඇමති ධූරද අද සිට ඉබේම අහෝසි
වීම හේතුවෙන් ඔවුන් සිය අමාත්‍යාංශ වලට අද සමුදෙනු ලැබුවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්