අනුර නාමයෝජනා අත්සන් තබයි
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක
අනුර දිසානායක අද (12) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා
ඇති බව වාර්තා වෙනවා.
අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර
දිසානායක මහතා කියා සිටියේ මෙවර ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. හිටපු පාලකයින් රට
අර්බුද ගණනාවකට පත්කරලා තියෙන මොහොතක්, ඉන් රට මුදවා ගැනීමේ අභියෝගය
බාරගැනීමට ජාතික ජනබලවේගය සුදානම්, අද අපි ඉතාමත් ශක්තිමත්ව ජනතාව දැනුවත්
කරමින් සිටිනවා යනුවෙන් ද ප්‍රකාශ කර සිටියා.
මෙම අවස්ථාවට ජාතික ජන
බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන
ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජාතික ජන බලවේගයේ විධායක සභිකයින් කිහිප
දෙනෙකු සහභාගි වී සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්