සුරාබදු බලපත්‍ර දෙනවැයි මැකොට පැමිණිලි
ජනාධිපතිවරණයක්
ප්‍රකාශයට පත්කර ඇති මොහොතක නීති විරෝධී අයුරින් සුරාබදු බලපත්‍ර 200ක්
නිකුත් කිරීමේ සූදානමක් ඇති බවට මැතිවරණ කොමිසම වෙත අද (12) පැමිණිල්ලක්
ඉදිරිපත් කෙරුණා.
ශ්‍රී ලංකා මත්පැන්
බලපත්‍රධාරී සංගමය විසින් මෙම පැමිණිල්ල යොමු කළ අතර ඉන් පසුව ඔවුන් මාධ්‍ය වෙත
අදහස් දක්වමින් එහි උපසභාපති ප්‍රසන්න විතානගේ මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මෙවර
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති අවස්ථාවක සුරාබදු
දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නෙත් එතුමාම තමයි. ඒ කෙසේ
වෙතත් සුරාබදු
දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නව සුරාබදු බලපත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් දීමට
කටයුතු කරගෙන යන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඊට අමතරව ජනාධිපති මැතිවරණය
ප්‍රකාශයට පත්කළාට පසු නව බලපත්‍ර 6ක් පමණ පෙර දිනයන් දමා නිකුත් කරලා තියෙනවා.
මේවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නෙවෙයි ද කියා අපි අසනවා යනුවෙන් ප්‍රකාශ කර
සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්