රාජිත මහගෙදරට යයි
සමගි
ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන
බව අද (13) ප්‍රකාශ කරනු ලැබුවා.
අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ
දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා හමු
වී ඒකාබද්ධ
කොන්දේසි පත්රයකට අත්සන් තබමින් ජනාධිපතිවරයා වෙත මේ බව දැනුම් දීම සිදුකළා.
මෙම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස්
දැක් වූ රාජිත සේනාරත්න මහතා කියා සිටියේ රට ඉතාම ඛේදජනක තත්ත්වයකට වැටුණු වෙලාවක කිසි
කෙනෙක් මේකට අත තියන්න බයේ හිටපු අවස්ථාවක එතුමා ඇවිත් යෝධ පුරුෂයෙක් වගේ ඇවිත් මේ
රට ගොඩගත්තා. ඒ නිසා මේක එතුමාට කළගුණ සැලකීමක්, අද මිනිස්සු නිදහසේ ඉන්නේ මෙතුමා
නිසා,
මෙච්චර ඉක්මනට මෙලෙස පරිවර්තනයක් කරන්න
පුළුවන් කියලා මම හිතුවෙ නෑ, නමුත් ඒ එතුමා එය ඉටුකළා. එතුමා මේක ලෝකයේ නූතන
රාජ්‍යයක් බවට පත්කරනවා නියතයි. මගේ සහාය කොන්දේසි විරහිතව ඔබතුමාට දෙනවා. අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ජනාධිපති පුටුවේ අපි වාඩිකරනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්