Weather icon
27°C 
News Category
From Date
To Date
Maximum Number of Result

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.

20 - 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20 ලෝක කුසලානයේ සහභාගී වන පළමු තරගයේදී දකුණු අප්‍රිකාව සමඟ ලබන ජුනි මස 3 වැනිදා නිව් යෝර්ක්හිදී තරග වැදීමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව 2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (06) වසර 10ක් සපිරෙයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී ඓතිහාසික වාර්තාවක් තබා ඇතැයි සදහන් වෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

IPL ඉතිහාසයේ මෙතෙක් ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (27) සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.


උණුසුම් පුවත්

ICCයට අනුව වනිදු පෙරමුණේ

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.

ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.

ලොව මෙතෙක් බිහි වූ විශාලතම තොරණ ලෙස ලෝකයේම අවධානය හා ආකර්ෂණය ලැබෙන පරිදි නිර්මාණය කරන ඓතිහාසික පානදුර නගරයේ මෙවර ඉදිකෙරෙන තොරණ ගිනස් වාර්තාවක් පිහිටවන මට්ටමින් සංවිධානය කර ඇති බව තොරතුරු අනාවරණය වේ

බැංකු ණය පොළී අනුපාතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බවයි.

ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ,අතුරුදහන් හා ජීවිතක්ෂයට පත් වූ මෙන්ම විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ,ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛන උපදෙස් නිකුත් කර ඇති බවත් දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බවත්,භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත ලේඛනවල අඩුපාඩු හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී ඇති බව සදහන් වෙයි.

මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,

2023 (2024) අ.පෙ.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය හෙටයි (15). මෙවර විභාගය පිළිබඳ පසු ගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයක් නිසා ය.

ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී

ජංගම දුරකථනය ආරෝපණය කිරීම සදහා චාජරයක් මගින් විදුලි පේනුවකට සම්බන්ධ කර ඇති අතරතුර එමගින් වීඩියෝ නරඹමින් සිටි දැරියක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

සිව් වසරකට පසු හමු වූ මළ සිරුර

ගාල්ල , තවලම , හල්කන්ඳ ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වැසිකිළි වළක තිබූ හමු වූ මෙම සිරුර මළ සිරුර මීට වසර 04කට පෙර අතුරුදන් වූ 29 හැවිරිදි තිදරු මවකගේ මෘත දේහය යැයි තහවුරු වී ඇත.

මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශ්වය හා පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ නිමල් ලංසා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද (14) තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.