Weather icon
26°C 
News Category
From Date
To Date
Maximum Number of Result

දැනට සිටින රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසටම රැකියා අවස්ථා උදාකර දෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ දී විදේශීය ජාතිකයින් 50කට වැඩි පිරිසක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දක්වන බව අද (31) පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියා.

පසුගිය කාලය පුරාවට දිගින් දිගටම ඉන්ධන සහ ගෑස් මිල පහත හෙළනු ලැබූ අතර ජනපතිවරණ උණුසුම සමග තවත් මිල අඩුවේදැයි ජනතාව අපේක්ෂාසහගතව සිටි නමුත් එවැන්නක් සිදුනොවන බව වාර්තා වේ.

මේ රටේ දේශපාලනය වෙනස් වී තිබෙන ආකාරය පිළිබඳව වැඩිහිටි ගොවි අම්මා තාත්තලාටත් අපි හැමෝටමත් හොඳ අවබෝධයක් තිබෙනවා. අද වෙන කොට ගොවි බිමේ අසරණ වී සිටි ගොවියාට අවශ්‍ය බීජ, පොහොර, වතුර ලබාදී ශක්තිමත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා යැයි ඊයේ (30) බුල්නෑවේ දී පැවති අනුරාධපුර ගොවි රැළිය අමතමින් ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

අද (31) අළුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී සිදු වූ ප්‍රහාරයකින් තම දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය වූ බව හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව තහවුරු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92නෙකු තම කැමැත්ත පළකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.