Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

කොවිඩ් 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කෙරුණු අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජය සමාව අයැදීම ඉතාම හොද දෙයක් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.

2020 වසරේ දී ලෝකය වෙලාගත් මාරාන්තික කොවිඩ් 19 වසංගතය අතරතුර මෙරට බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව රජය ජනතාවගෙන් සමාව අයැදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

පසුගිය කාලයේ විවිධ නම් වලින් ක්‍රියාත්මක වෙමින් මුදල් සූරා කෑ පිරමීඩ ජාවාරම් ක්‍රම ගණනාවක් පිළිබද අපට අසන්නට ලැබුණා. ඒ සියල්ලම පාහේ නීතියේ රැහැනට අසු වී ඇති පසුබිමක තවත් පිරමීඩ ජාවාරමක් පිළිබද අනාවරණය වී තිබෙනවා.

2024 ජනාධිපතිවරණය අරමුණු කරගනිමින් ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර ඇති ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවකට සහභාගි වීමට අනුර කුමාර දිසානායක මහතා ජපානය වෙත ගොස් ඇති බව වාර්තා වෙනවා.

මේ වෙලාවේ අපි සියලු දෙනා රට ගැන හිතන්න අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මගේ හදවතේ නායකයා, නමුත් පොහොට්ටුවට මේ වෙලාවේ ඡන්ද නෑ. කව්රු කොහොම කිව්වත් රනිල් වික්‍රමසිංහට නැවත දිනන්න ඕනේ නම් මහින්ද රාජපක්ෂගේ සහයෝගය අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

වාසුදේව නානායක්කාර මහතා විසින් මෙතෙක් කල් දරන ලද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා වෙත පවරා තිබෙනවා.

2024 ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව මේ දිනවල පැරිස් නුවර වීථිවල රැගෙන යනු ලබනවා.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ලබාගැනීම සදහා ජූලි 22 වැනිදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු විදුහල්පත් වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බව අද (16) පැවති මාධ්‍ය හමුවක දී එහි නියෝජිතයන් වන ජෝෂප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ යන මහත්වරුන් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරණය කල්දැමීමට ඇතැම් පාර්ශ්ව ගනු ලබන උත්සාහයන් සියල්ල අසාර්ථක වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.