Weather icon
23°C 
News Category
From Date
To Date
Maximum Number of Result

යෞවනයින් අතර ටීනියා චර්ම රෝගය පැතිරීම ඉහළට.ටීනියා නැමැති චර්ම රෝගය යෞවනයින් අතර ව්‍යාප්ත වීම ඉහළගොස් ඇතිබව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදාරසිංහ මහත්මිය පැවසූවාය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් අද (12) ඉල්ලා අස්විය. පක්ෂයේ නව සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කෙරිණි. එසේ සිදුකරන ලද්දේ මෛත්‍රීපාල පාර්ශ්වයෙන් අද කැඳවා තිබූ පක්ෂයේ විධායක රැස්වීමක ගත් ඒක මතික තීරණයකට අනුවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය සඳහා කෘත්‍රීම බුද්ධිය(AI) යොදාගෙන එහි ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයන් දෙදෙනෙකුගේ අනුරූ යොදාගෙන සිංහලෙන් ප්‍රවෘත්ති නිවේදනය කළ පුවතක් පසුගියදා වාර්තා විය .

රුසියානු කුලී හමුදාවට දේශීය සෙබළුන් යැවූ ජාවාරමක් පිළිබඳ පසුගියදා අනාවරණය විය. ඒ අනුව අද දිනයේත් දේශීය සෙබළුන් 14 දෙනෙකු යුද්ධය අතරතුර ජීවිතක්ෂයට පත් වී ඇත . ඔවුන් 14 දෙනාගේ පවුල් වලට ජාවාරම්කරුවන් පැවසූ කෝටි ගණන් වන්දි මුදල් ලැබේවි ද ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අද (10) බත්තරමුල්ලේ රජමල්වත්තේ දී පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් විවෘත කරන ලදී . ධම්මික පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී රැසකගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වුණි .

'' සිහින සමීකරණ " චිත්‍රපටය,දර්ශන විද්‍යා අරවින්දගේ තිර රචනයට , තරුණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන සසික හේරත් අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන අතර මහාචාර්ය චරිත් ජයතිලක සහ දම්මික ගීකියනගේ දෙපලගේ කුළුඳුල් සුසංයෝගී නිෂ්පාදනයක් වේ

විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙසයි.

.ඉංග්‍රීසි භාෂා විෂය පවත්වන අතර කාලය තුළ ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ශ්‍රී ලංකා විශේෂ බලකායේ සේවය කර පසුව ඉන් ඉවත් ව රුසියාවේ කුලී හමුදාවේ සේවය කළ සෙබළෙකු අද (09) උදෑසන දිවයිනට පැමිණියේ ය. ඔහු සඳහන් කරන ලද තොරතුරුවලට අනුව ඔවුන් මුලා කර මෙම සේවයට බඳවා ගෙන ඇති බව පැහැදිලි ය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ ඔවුන් ව රුසියානු හමුදාවට බඳවා ගන්නා බව පවසා ඔවුන් ව රුසියාවට ගෙන ගොස් ඇත. එලෙස ම එහි ගිය වහා ම රුසියානු විදේශ ගමන් බල පත්‍රයක් ද ඔවුන් ලබා දෙන වරප්‍රසාදවලට අනුව තම පවුලේ අය පවා රුසියාවට ගෙන්වා ගත හැකි බව ඔවුන්ට පවසා ඇත. සැබැවින්ම රුසියාව මේ සිදු කරන්නේ මිනිස් ජාවාරමක් නොවේ ද ? එය සිදු වන්නේ හමුදා සොල්දාදුවන් අතරේ පමණක් ද ?


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.