වැටුප් කප්පදු කිරීම් හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (02) දහවල් 12 සිට ආරම්භ කරන ලද විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනයට අද (09) වන විට සතියක කාලයක් ගත වී ඇත. ඊයේ (08) වන දින ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ ඉල්ලීමවලට ද විසඳුම් නොලැබුණු නිසා මෙම වැඩ වර්ජනය අඛණ්ඩව පැවැත්වෙයි. එම නිසා සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතිය ම අකර්මණ්‍ය වී ඇත. විද්‍යාර්ථීන්ගේ දේශන කටයුතු මෙන් න විභාග ද දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත. මෙලෙස අඩපණ වන්නේ රටේ අනාගතය නොවේද ? ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවන්නෙ මන් ද ? එලෙස ම ඔවුන්ගේ ඉල්ලීම් කෙතරම් සාධාරණ ද ?
2019 වර්ශයේ දී පත් වූ ආණ්ඩු ධූර කාලය 2024 නොවැම්බර් මස 18 වන විට අවසන් වන බැවින් ඊට මාසයකට පෙර හෝ මාස දෙකක් ඇතුලත ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ ය . ඒ අනුව අද (09) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා අතර කාලයේ දී මෙය පැවැත්වෙන බවයි. මැතිවරණ කොමිෂන් සහාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1081 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විධි විධානවලට අනුව මෙය සිදු වෙනු ඇත.
වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (09) දිනයේත් ක්‍රියාත්මකයි.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී ඇත.ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා බාහිරව අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දැඩි අර්බුදකාරි තත්වයකට පත්ව ඇත.
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට