Weather icon
24°C 
News Category
From Date
To Date
Maximum Number of Result

හැටනම ලක්ෂයේ ජනවරම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිට දැන් ඉවත්ව සිටින සියලුම පක්ෂ වලට යළි එක්වන්නැයි එම පක්ෂයේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා තංගල්ලේ දී පැවති ජනරැළිය අමතමින් ඇරියුම් කර සිටියා.

සමගි ජන බලවේගයේ සමගි විහිදුම් බළගණය විසින් සංවිධානය කෙරුණු "පෙරළියට සූදානම්" මාතර තරුණ රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (30) මාතර දී පැවැත්වුණා.

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට විවේචනය කරමින්, ඊට විරුද්ධව අදහස් පළකිරීම හේතුවෙන් ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකුට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට වාර්තා වෙනවා.

ජාතික ජනබලවේගය මගින් සංවිධානය කෙරෙන "ගැහැනු අපි එක මිටට" කෑගල්ල දිස්ත්‍රික් ජන රැළිය ඊයේ (30) පවත්වනු ලැබුවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කර සමරනු ලබන පාස්කු දිනය අදට (31) යෙදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිය ප්‍රචාරණ කටයතු හම්බන්තොට දිස්ත්‍රික්කය මූලික කරමින් ඊයේ (30) නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන හා ආණ්ඩුව සමග කටයුතු කරන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා ලෙස නාමල් රාජපක්ෂ පත්කර ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද වි‍ශේෂ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීම මත අද (25) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.