ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා (ලකුණු 102 & 108) සහ කමිඳු මෙන්ඩිස් (102 & 164) ඉනිම දෙකේදී ශතක දෙක බැගින් රැස් කිරීම විශේෂත්වයකි.
බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 188ක් රැස් කළ අතර ඔවුන් දෙවැනි ඉනිම සඳහා රැස් කළේ ලකුණු 182ක් පමණි.
පන්දුයැවීමේදී, කසුන් රාජිත ලකුණු 56කට කඩුලු 5ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් සහ ළහිරු කුමාර කඩුලු 2ක් දවාගනු ලැබීය.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී