2024 කලා පොළ සාර්ථකව නිමවෙයි
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ 2024 පෙබරවාරි 18 වන දින 31 වැනි වරට පවත්වන්නට යෙදුණු අතර 1993 වර්ෂයේදී ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව ආරම්භ වූ මෙම වැඩසටහනට 1994 වර්ෂයේ පටන්ම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය හිමි වී තිබේ.
කලා පොළ යනු මෙරට දෘශ්‍ය කලා නිර්මාණ ශිල්පීන්ට ගැනුම්කරුවන්, රසික ප්‍රජාව සහ කලා ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන විශාලතම වැඩසටහනයි. එය ඔවුන්ට තම නිර්මාණ අලෙවි කරගැනීමට වෙළඳපොළක් ලබාදෙන අතර, දැනුම් හුවමාරුව හා සහයෝගීතාව වර්ධනය උදෙසාද අවස්ථාව සලසා දෙයි. එමෙන්ම මෙය රටේ නිර්මාණකරණ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරන වැඩසටහනකි.
මෙම වසරේ කලා පොළ වැඩසටහන ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් ශිල්පීන් හා ශිල්පිනියන් 350 කට අධික පිරිසක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්