කලකට පසු ඩොලරය 300න් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය අද රු. 299.96 ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයක අගය මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණියේ 2023 ජූනි 12 දිනෙන් පසුව වීම විශේෂත්වයකි.
මේ අතර අද (03) දින ඩොලරයේ ගැනුම් මිල රු. 295.24 ක් සහ විකුණුම් මිල රු. 304.60 ක් ලෙසින් සටහන් වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා රුපියල අතිප්රමාණයවීමේ ප්‍රවණතාවය 2024 පළමු කාර්තුව තුළ දී අඛණ්ඩව පැවති බවයි.
2024 වසරේ මාර්තු මස 28 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.6කින් අතිප්‍රමාණය වී ඇති බවත්, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ මාර්තු මස 28 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්