අමුතු ගුරුකමක් චිත්‍රපටයේ මුහුරත් උළෙල
ප්‍රවීණ සිනමාවේදී සුනිල් ප්‍රේමරත්නයන් ඔහුගේ පස්වන සිනමා නිර්මාණය ලෙසින් ” අමුතු ගුරුකමක් ” චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දා , එම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන් , කාර්මික ශිල්පීන් සහ ආරාධිතයින් පිරිසක් මධ්‍යයේ ඉතාමත් චාම් අන්දමින් සිදුකරනු ලැබුවා.
හාස්‍යයෝත්පාදක හා කුතුහලය මුසුවූ මෙම සිනමා පටයේ , කුමාර තිරිමාදුර , සරත් කොතලාවල , ප්‍රියන්ත සෙනෙවිරත්න , මිහිර සිරිතිලක , ධර්මප්‍රිය ඩයස් , දුලීකා මාරපන , ජයනි සේනානායක , නිරෝශා තලගල , ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , සමන් හේමරතන , කාංචනා ඛාන් , නදීකා ප්‍රශාන්ති , රෂ්මික ලක්ෂාන් සහ තත්සරණි පියුමිකා ඇතුළු ප්‍රවීණ හා නව පරපුරේ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන අතර , සංගීත අධ්‍යක්ෂණයෙන් අශාන් ප්‍රනාන්දු , සංස්කරණයෙන් ශාන් අල්විස් , කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක ඩී බණ්ඩාර , සහය අධ්‍යක්ෂණයෙන් නලින්ද උදයසිරි , අංග රචනයෙන් තාරක අධිකාරි , කලා අධ්‍යක්ෂණයෙන් උපාලි උදයසිරි ද , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි සහ නිෂ්පාදන කළමණාකරණයෙන් සුසන්ත ඩයස් අභයසිංහ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වී ඇත . අධ්‍යක්ෂවරයාගේ කතා සංකල්පයක් මත , ශ්‍රි ලංකා තිර රචකයන්ගේ සංසදය විසින් රචිත තිර රචනය පදනම් කරගෙන නිර්මාණය වන ” අමුතු ගුරුකමක් ” චිත්‍රපටය එස්.3 මූවී ක්‍රියේෂන් නිෂ්පාදනයකි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්