පුංචි තිරයේ සුරූපිනී තරින්දි ප්‍රනාන්දු රිදී තිරයට ,
මේ වන විට ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරකම් කර ඇති අති දක්ෂ රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු සිය ප්‍රනාන්දු සිය සිනමා දිවිය අරඹා ඇත. වසර දහ නවයකට පසු නැවතත් කරළියට පැමිණි අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතාගේ නවත ම සිනමා නිර්මාණය වන " My Red Comrade " චිත්‍රපටයේ "ඇය" නම් චරිතයට පණ පොවනු ලබන්නේ තරින්දි ප්‍රනාන්දු විසිනි .
1987 -1989 කාලය දක්වා පැවති දේශීය දේශපාලන තත්වය අලලා කෙරුණු මෙම චිත්‍රපටය තරමක වෙනස් ආකාරයේ චිත්‍රපටයක් යැයි කිවහොත් නිවැරදි ය. විනාඩි 90ක කාලයක් තිර ගත වෙන මෙහි ඇත්තේ චරිත දෙකක් පමණි. මෙම අභියෝගාත්මක රංගනයට තරින්දිට සහාය වන්නේ ආසිරි ඇල්ලගේ නම් ආධුනික නළුවා ය. වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ සිනමා ප්‍රේක්ෂකාගාරයට මෙය නවමු අත්දැකීමක් වනු නොඅනුමාන ය. මෙය මැයි 17 වන දා සිට ඡන්ද බලය හිමි අවුරුදු 18ට වැඩි ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් විවෘත ය.
කතා සංකල්පය , තිර රචනය හා අධ්‍යක්ෂණය සුදත් මහදිවුල්වැව මහතා සිදු කර ඇති අතර රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂණයත් සශික මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයත් තරින්දිගේ රංගනය කැපී පෙනෙන්නට හේතු වී ඇත .
කෙසේ වෙතත් පුංචි තිරයේ තරින්දි ප්‍රනාන්දු අති දක්ෂ රංගන කෞශල්‍යක් විදහා පාමින් රිදී තිරය ද ජය ගෙන ඇති බව කිව යුතු ය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්