Weather icon
27°C 
News Category
From Date
To Date
Maximum Number of Result

අපට 2070 දකින්න පුළුවන්, ඇමරිකාවට අද (08) පෙනුණු පූර්ණ සූර්යග්‍රහණය



ශ්‍රී ලාංකිකයන් ලෙස අපට දැක ගැනීමට වරම් නැතත්, මෙක්සිකෝවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල වැසියන්ට පූර්ණ සූර්යග්‍රහණය අද (08) දැකගැනීමට හැකිවුණා.

චන්ද්‍රයාගේ සෙවණැල්ල පතිත වන මාර්ගය තුළ වෙසෙන මිලියන 32ක් වූ ඇමරිකානු ජනතාවට හිරු පූර්ණ වශයෙන් වැසී යන මනස්කාන්ත දර්ශනය දැක ගැනීමේ විරල අවස්ථාව හිමි වනවා. එසේ ම ඇමරිකාවේ ජනගහනයෙන් 99%කට ම සූර්ය ග්‍රහණයේ අර්ධ අවස්ථාව දැක බලා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. 

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට සූර්ය ග්‍රහණයේ පූර්ණ සෙවණැල්ල මුලින් ම පතිත වීමට නියමිත ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් නම් එය සිදු වනු ඇත්තේ අද (08) රාත්‍රී 11.37 ට බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

නව ගණනය කිරීම් මඟින් හෙළි වී ඇති පරිදි ග්‍රහණයේ පූර්ණත්වය උදා වන ඡායාවේ ගමන් මාර්ගය NASA ආයතනය ගණනට කර ඇතිවාට වඩා පටු ස්වභාවයක් ඉසිලීමේ හැකියාව පවතිනවා. එහි අදහස වන්නේ ඇතැම් විට පූර්ණ සෙවණැල්ල පතිත වන මාර්ගයේ දෙපස ඇති, පෙර අන්ධකාරයෙන් වැසී යනු ඇතැ යි ගණනය කළ ඇතැම් නගරවලට පූර්ණත්වය අත් විඳිය නො හැකි වීමට ඉඩ ඇති බවයි. පූර්ණත්වය නියත වශයෙන් අත් විඳීමට නම් පූර්ණත්වයේ ගමන්පථයේ මැදට වන්නට ඇති ප්‍රදේශයකට පැමිණීම නුවණට හුරු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

අවසන් වරට ඇමරිකා එක්සත් ජනපදයේ සිට නැරඹිය හැකි වූ පූර්ණ සූර්යග්‍රහණය සිදු වූයේ 2017 වසරේ යි. යළි එවැන්නක් එරටට දිස් වන්නේ තවත් දශක දෙකක කාලයකින් පසු 2044 වසරේ යි. මෙනිසා ම අද දිනයේ එරට පාසල් බොහෝමයක නිවාඩු ලබා දී තිබෙනවා. මේ විරල අවස්ථාව දැක බලා ගැනීමේ අටියෙන් පැමිණෙන සංචාරකයන් හේතුවෙන් පූර්ණත්වයේ පථය ඇතුළත පිහිටි සියලු ම කෙටි කාලීන නවාතැන් පහසුකම් සපයන හෝටල් කාමර සහ තැබෑරුම් වෙන් වී අවසන් තිබෙන බව CNN මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකාවේ ටෙක්සාස්, ඔක්ලහෝමා, ආකන්සාස්, මිසුරි, ඉලිනොයිස්, කෙන්ටකි, ඉන්දියානා, ඔහායෝ, පෙන්සිල්වේනියා, නිව්යෝක්, වර්මොන්ට්, නිව් හෙමිස්ෆියර් සහ මේන් යන ප්‍රාන්ත පිහිටා තිබෙන්නේ සූර්ය ග්‍රහණයේ පූර්ණ සෙවණැල්ල ගමන් කරන පථය තුළයි. ගණනය කර ඇති පරිදි ම සියල්ල සිදු වුවහොත් මේ ප්‍රාන්ත 13ට අමතර ව මිචිගන් හා ටෙනිසි ප්‍රාන්තවල ද ඇතැම් කොටස් පූර්ණත්වයේ අන්ධකාරයෙන් වැසී යනු ඇති.

මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් ශ්‍රී ලාංකික ජනතාවට දැකගත හැකි වන්නේ තවත් වසර 46යි දින 2ක කාලයකින්. එනම් 2070 අප්‍රේල් 11 වැනි දා යි.

Related News

පකිස්තාන, කාශ්මීරයේ බලධාරීන් සමඟ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇත.
සෞදි අරාබිය සිය විද්‍යුත් වීසා (ඊ-වීසා) ප්‍රවේශ්‍යතාව නව රටවල් තුනකින් පුරවැසියන් ඇතුළත් කිරීමට පුළුල් කර ඇත.
ශ්‍රී ලාංකිකයන් ලෙස අපට දැක ගැනීමට වරම් නැතත්, මෙක්සිකෝවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල වැසියන්ට පූර්ණ සූර්යග්‍රහණය අද (08) දැකගැනීමට හැකිවුණා.
අද (03) බදාදා උදෑසන එරට කාර්ය බහුල වේලාවේ දී නැගෙනහිර තායිවානයේ ඇති වූ රික්ටර් මාපක 7.4 භූමිකම්පාවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 900කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ පිහිටි පැටැස්කෝ ගංගාව හරහා ඉදි කර තිබූ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ කුළුණක ගැටුණු දැවැන්ත බහාලුම් ප්‍රවාහන නෞකාවක් හේතුවෙන් එම පාලම කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රුසියාවේ මොස්කව් නුවරට නුදුරින් පිහිමි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරනවා.
දූෂණ විරෝධී "ආම් ආද්මි ” පක්ෂයේ නායක, දිල්ලි මහඇමති "අරවින්ද් කෙජ්රිවාල් දූෂණ චෝදනා සම්බන්ධයෙන් දිල්ලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
රුසියාවේ මොස්කව් නර්තන ශාලාවකට (Crocus City Hall) ඇතුළු වූ තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මේ වන විට 93කු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වේල්සයේ කුමරිය, කේට් මිඩ්ල්ටන් පිළිකාවකින් පෙලෙන බවත්, ඒ සදහා කීමෝ ප්‍රතිකාර සිදුකරමින් සිටින බවත් වීඩියෝ පටයක් ඔස්සේ ජනතාව අමතමින් ඇය හෙළිකර සිටින්නීය.

උණුසුම් පුවත්

ICCයට අනුව වනිදු පෙරමුණේ

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.

ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.

ලොව මෙතෙක් බිහි වූ විශාලතම තොරණ ලෙස ලෝකයේම අවධානය හා ආකර්ෂණය ලැබෙන පරිදි නිර්මාණය කරන ඓතිහාසික පානදුර නගරයේ මෙවර ඉදිකෙරෙන තොරණ ගිනස් වාර්තාවක් පිහිටවන මට්ටමින් සංවිධානය කර ඇති බව තොරතුරු අනාවරණය වේ

බැංකු ණය පොළී අනුපාතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බවයි.

ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ,අතුරුදහන් හා ජීවිතක්ෂයට පත් වූ මෙන්ම විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ,ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛන උපදෙස් නිකුත් කර ඇති බවත් දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බවත්,භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත ලේඛනවල අඩුපාඩු හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී ඇති බව සදහන් වෙයි.

මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,

2023 (2024) අ.පෙ.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය හෙටයි (15). මෙවර විභාගය පිළිබඳ පසු ගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයක් නිසා ය.

ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී

ජංගම දුරකථනය ආරෝපණය කිරීම සදහා චාජරයක් මගින් විදුලි පේනුවකට සම්බන්ධ කර ඇති අතරතුර එමගින් වීඩියෝ නරඹමින් සිටි දැරියක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

සිව් වසරකට පසු හමු වූ මළ සිරුර

ගාල්ල , තවලම , හල්කන්ඳ ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වැසිකිළි වළක තිබූ හමු වූ මෙම සිරුර මළ සිරුර මීට වසර 04කට පෙර අතුරුදන් වූ 29 හැවිරිදි තිදරු මවකගේ මෘත දේහය යැයි තහවුරු වී ඇත.

මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශ්වය හා පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ නිමල් ලංසා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද (14) තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණා.

කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී

කොවිඩ් වසංගතය පාලනය සදහා ඇස්ට්‍රාසෙනිකා නමැති සමාගමෙන් හදුන්වා දුන් එන්නත මගින් අතුරු ආබාධ ඇතිවන බව එම සමාගම බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.