

ත්‍රෙයිනිකායික නායක හිමිවරු මහින්ද සමග රහස් හමුවක
ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන යන විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.
කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා ලෙස මහින්ද රාජපක්ෂගේ වගකීම එය බවද එම නාහිමිවරුන් ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.
කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක මාධ්‍යයටද විවෘත නොකොට පවත්වන ලද අතිශය රහසිගත සාකච්ඡාවක දී මහින්ද රාජපක්ෂ මහතාට නායක හිමිවරු මෙකී කාරණා දැනුම් දී ඇත. හිටපු ජනාධිපතිවරයා සමඟ පොහොට්ටුවේ ප්‍රධානීන් 8 දෙනකු ද මෙම හමුවට එක් වී ඇති අතර ඊට සහභාගි වූ හිමිවරුන් මෙරට ප්‍රධාන පෙළේ ත්‍රෙයිනිකායික නායක හිමිවරුන් වූ බවද වාර්තා වෙයි. .
කටුනායක, මත්තල, රත්මලාන ගුවන් තොටුපොළවල් මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායන් විදේශිකයන්ට පැවරීම අනාගතයේ බරපතළ ප්‍රතිවිපාක ඇති කරවන බවද එම නාහිමිවරුන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන් බව වැඩිදුරටත් වාර්තා වෙයි. පොහොට්ටු නායකයන් සමඟ ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් 10 දෙනකු පමණ මෙකී සාකච්ඡාව සඳහා වැඩිදුරටත් එක් වී ඇති අතර එහිදී උන්වහන්සේලා අවධාරණය කර ඇත්තේ පසුගිය මහ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් ජනවරම ලබා දුන්නේ පොහොට්ටුවට බැවින් එහි නායකයන් මෙම තත්ත්වය වැළැක්විය යුතු බවය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්
