කළුතර ප්‍රබලයෙක් යළි පොහොට්ටුවට ?
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බවට ආරංචි මාර්ග සදහන් කරනවා.
වෙල්ගම මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා කතාබහක නිරතව පක්ෂයට නැවත එකතුවීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වේ.
මෙවර අලුත් අවුරුද්දට පෙර මතුගමදී පැවැත්වෙන පොදුජන පෙරමුණ රැස්වීමක දී එම වේදිකාවට එකතු වීමට ඔහු එකග වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට පෙර පොහොට්ටුවේ ප්‍රබලයෙක් වූ වෙල්ගම මහතා එම පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමත් සමඟ එම පක්ෂයෙන් ඉවත් විය.
පසුව වෙල්ගම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය දරණ සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරීපත් විය.
පසුව සමගි ජන බලවේගයද අතහැරි වෙල්ගම මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදෙස් පරිදි නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ද බිහිකරනු ලැබීය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්