Weather icon
26°C 
News Category
From Date
To Date
Maximum Number of Result

ආසියාවේ ලොකුම ධනවතාගේ බාල පුතාගේ මගුල

Feb 28, 2024 at 08:17 PM
|


ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව  මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. 

මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානි සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් යුවළ පසුගිය 2022 වසරේ දෙසැම්බරයේදී විවාහ ගිවිස ගත් අතර, ඉන්දියාවේ ප්‍රකට ඖෂධ සමාගමක හිමිකරු වන විරේන් මර්චන්ට්ගේ දියණිය රාධිකා සහ ආනන්ද්ගේ විවාහ උත්සවය නිල වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදී බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 

දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව ඇති දෙදෙනාගේ පූර්ව මංගලෝත්සවය සඳහා ලොව පුරා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු අමුත්තන් 37 දෙනෙකුට ආරාධනා කර ඇතැයි ද වාර්තා වේ. 

එම ලැයිස්තුව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයට ලක් වී තිබේ. 

ඒ අතර බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ධනවතුන් සිටින බව වාර්තා වේ.

Related News

තට්ටු 36කින් සමන්විත මන්දිරයකටද හිමිකම් කිව් ඔහු අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු අසීමිත ලෙස දරු සෙනෙහස විස්වාස කරමින් වත්කමක් දරුවන් වෙත පවරා දෙනු ලැබු අතර ඔහුගේ බාල පුත්‍රයා ධනයට බලයට ලොල් වෙමින් සියලු වත්කමක් තමා වෙත පවරා ගැනීමෙන් පසු තම පියා පාරට ඇද දමනු ලැබීම ඉන්දියාවේ සිනමා නිර්මාණයක් වැනි වුවද එය සත්‍ය කතාවකී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වන ලෙසට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කර ඇතැයි සදහන් වෙනවා.
වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට කුමක් සිදු වීද යන්න ප්‍රශ්න සහගත බවත්, බ්‍රිතාන්‍ය රජ පවුල තුළ සිදුවන දේ අභිරහසක් බවට පත්ව ඇති බවත් විදෙස් බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කලක් දරුවන් අපේක්ෂාවෙන් පසු වූ රටේ ප්‍රධානපෙළේ දේශපාලනඥයකු රහසේ දරු සුරතල් බලමින් සිටින බවට ආරංචි පැතිර යමින් තිබුණි. ඒ අනුව මෙම දරු උපත සිදුව ඇත්තේ මීට මාස හයකට පමණ පෙරය.
ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන යන විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.