

කොළඹ හතේ රහස් සාකච්ඡා...
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තමන් දන්නා බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ ලබා ගනිද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සමග අද (25) දහවල් විශේෂ රහසිග සාකච්ඡාවක නිරත වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.
කොළඹ හතේ පිහිටි අවන්හලක දී දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් දෙදෙනා පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බව එම පුවත්පත සඳහන් කරයි.
එම ස්ථානයෙන් පළමුව තානාපතිනියද, ඊට විනාඩි දහයකට පසු සජින් වාස් ගුණවර්ධන මහතා ද සිය බිරිද හා දරුවා සමග එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් එහි දැක්වේ.
හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබාදෙන අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් එම ස්ථානයට පැමිණියත් සජින් වාස් ගුණවර්ධන පැමිණ සිට බවක් දක්නට ලැබුණේ ද නැත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්
