හිටපු ශ්‍රීලනිප ලොක්කෙකුට යළි එන්නැයි ආරාධනා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වන ලෙසට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කර ඇතැයි සදහන් වෙනවා.
පසුගිය බදාදා දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසට කැඳවාගෙන මෙම ආරාධනය කර ඇතැයි වාර්තා වන අතර එලෙස නියෝජ්‍ය සභාපති ධුරය බාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ද ඉවත් කර ගන්නා බව දැනුම් දී ඇතැයි සදහන් වේ.
කෙසේ වුවද දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම් ධූරය හැර වෙනත් ධූරයක් බාරගැනීමට තමන් සූදානම් නැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා හට පවසා ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.
සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පක්ෂයේ මහලේකම් ධූරයට දුෂ්‍මන්ත මිත්‍රපාල මහතා පත්කර ඇති නිසා ඔහුව එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බවය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්