Weather icon
24°C 
News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ මොස්කව් නර්තන ශාලාවකට (Crocus City Hall) ඇතුළු වූ තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මේ වන විට 93කු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වේල්සයේ කුමරිය, කේට් මිඩ්ල්ටන් පිළිකාවකින් පෙලෙන බවත්, ඒ සදහා කීමෝ ප්‍රතිකාර සිදුකරමින් සිටින බවත් වීඩියෝ පටයක් ඔස්සේ ජනතාව අමතමින් ඇය හෙළිකර සිටින්නීය.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා අද (21) පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (20) කැනඩාව බලා පිටත්ව ගියා. ඒ අතරතුරු ජාතික ජනබලවේගයේ විධායක සභික බිමල් රත්නායක ඉතාලි සංචාරයක නිරත වන බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.

17 වන වරටත් පැවැත්වෙන 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය හෙට (22) ආරම්භ කිරීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් අද (20) නව සන්ධානයක් එළිදක්වනු ලැබූ බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (20) කැනඩාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ජනඅරගල ව්‍යාපාරය කොළඹ කොටුවේ දී සිදු කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද (20) පස්වරුවේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර විසුරුවා හරිනු ලැබුවා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.