Weather icon
24°C 
News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු ජනාධිපතිවරණය ජය ගනිමින් වැලැදිමීර් පුටින් සිය පස්වන ජනාධිපති ධුර කාලය සඳහා බලය තහවුරු කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රි  ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ  හිටපු ජ්‍යෙෂ්ඨ  ප්‍රවෘත්ති  නිවේදිකාවක් මෙන්ම, වේදිකා සහ ටෙලිනාට්‍යය  රංගන වෙිදිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය ඊයේ ( 08 ) උදෑසන අභාවප්‍රාප්ත වූවා ය. ප්‍රවීණ නාට්‍ය කරුවකු සහ නවකතා  ලේඛකයකු වන දිවංගත ආර් ආර් සමරකෝන් මහතාගේ බිරිඳ වූ ඇය, හඬකැවීම් ශිල්පිනියක් ද විය. මිය යන විට ඇය 73 වන වියේ පසුවිය

පහළ දැමූ විදුලි ගාස්තුවට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බවත්, එලෙස භාණ්ඩ හා සේවාවල මිල අඩු කිරීමට ව්‍යාපාරිකයන්ට බල කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද ( 7 ) ජනාධිපති මාධ්‍ය ඒකකයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විදුලි ගාස්තු ⁣ඉහළ ගිය අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල ⁣ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ඇතුලු සෙසු ව්‍යාපාරිකයින් දැක්වූ උනන්දුව නැවත මිළ පහළ දැමීමට නොමැති බවත්, මෙම වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට හිමි විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. විදුලි ගාස්තු අඩු කිරීමට පෙර ආපනශාලා හිමියන් ආහාර මිල ඉහළ දමන්නේ යැයි කළ ප්‍රචාරය මිල පහළ නොදැමීමට කළ උපක්‍රමයක් බවත් ඉන් පසුව එම වැඩි කළ මුදල අඩු කළේ යැයි පෙන්වීම ඔවුන්ගේ උපක්‍රමය වූ බවත් සඳහන් කළ එතුමා ආපනශාලාවල ආහාර මිලේ එවැනි අඩු කිරීමක් කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ආපනශාලා සහ කොමිනිකේෂන් ආදි ඇතුළත් පොදු කාර්ය කොටසේ විදුලි ගාස්තුව සියයට 24 කින් අඩු කළ බවත් අවධාරණය කළේය. ඒ අනුව ඡායාපිටපතේ සිට පොදු කාර්ය ගණයට ගැණෙන භාණ්ඩ හා සේවාවල ගාස්තු අඩුවිය යුතු බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය

ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත්‍රයට අනුව රාජ්‍ය නැකැත් කමිටුව මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කරලා කියලා අපිට දැනගන්නට ලැබුණා, මේක ඉතාම බරපතළ තත්ත්වයක්, රටේ සංස්කෘතිය, සභ්‍යත්වය දේශපාලන න්‍යාය පත්‍ර වලට යොදා ගන්න අපි ඉඩ තබන්නේ නෑ යනුවෙන් අද පැවති ජන හමුවකදී නව ජනතා පෙරමුණේ නායක, නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ අපි පසුගිය අවුරුදු කිහිපයම ඉතාමත් අසීරු කාලයක් ගත කළා, ලොකු, කුඩා, දුප්පත්, පොහොසත් සියලුදෙනා ආර්ථික අර්බුදයෙන් බැට කෑවා. හැට නම ලක්ෂයක ජනවරමක් ලබාගත්, තුනෙන් දෙකක පාර්ලිමේන්තුවකට හිමිකම් කියූ ජනාධිපතිවරයා ධුරය අතහැර ගියා,..අවසානයේ රටේ ජනතාව කරකියා ගන්නට දෙයක් නැතිව අසරණ වුණා.  නමුත් වර්තමාන ජනාධිපතිවරයා යටතේ රට කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් යන බව අපට පේනවා. පසුගිය දිනවල අපි දැක්කා අහස උසට ගිය විදුලි බිල සියයට 22කින් අඩුකළා. මම හිතන්නේ සාමාන්‍ය ජනතාවට ඒක විශාල සහනයක්,  යම්කිසි තත්ත්වයකින් රට ස්ථාවර වෙමින් යද්දී විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන තත්ත්වයකට අද පත්වෙලා, බොරු පොරොන්දු,  විවේචන යළිත් සුපුරුදු දේශපාලන රංගනයන් අපිට දැන් දැකගන්න පුළුවන්,  ඒ කෙසේ වෙතත් දැඩි අසීරු කාලයක් පසු කළ ජනතාව නැවතත් එක එක දේශපාලන න්‍යාය පත්‍ර වල රැවටීමට ලක්නොවිය යුතුයි කියලා මම හිතනවා. සමහර දේශපාලන කණ්ඩායම් විවිධ උපක්‍රම භාවිතා කරමින් රට නැවතත් අගාධයට ඇද දමන්න, අරගල ඇති කරන්න සූදානම් වෙනවා කියලා අපිට අභ්‍යන්තර ආරංචි වලින් දැනගන්න ලැබිලා තියෙනවා. ඔබ සියලු දෙනා දකින්න ඇති ඊයේ (05) රූපවාහිනී නාළිකා වල ප්‍රවෘත්ති වලින් ජ්‍යොතිෂවේදීන් පිරිසක් සුවිශේෂී අනාවරණයක් රට හමුවේ සිදුකරනවා, ඒ මෙවර අලුත් අවුරුදු නැකැත්, විශේෂයෙන්ම කිව්වොත් ආහාර පිසීමේ නැකත හා ආහාර අනුභව නැකත සකසා තිබෙන්නේ රාත්‍රී කාලයට කියලා ඔවුන් අනාවරණය කළා. ඔවුන් එතැන දී විශේෂයෙන්ම සදහන් කළේ රාජ්‍ය නැකැත් කමිටුව මගින් නිර්මාණය කළ මෙවර අලුත් අවුරුදු නැකැත් සම්පූර්ණයෙන් රටට අහිතකර, ජාතික ජන බලවේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනීකරණයට ලක්වුණු නැකැත් කියලා. මම ඒ ජ්‍යොතීෂවේදීන් සමග දුරකතනයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළා. එහිදී මට දැනගන්නට ලැබුණු කරුණු අනුව මේක ඉතාම බරපතළ හෙළිදරව්වක්, රටට අහිතකර ලෙස බලපාන තත්ත්වයක්,  අපිට දැනගන්නට ලැබුණු හැටියට මේ නැකැත් කමිටුව නියෝජනය කරන බහුතරයක් ජවිපෙ මත දරන, ජවිපෙ දේශපාලන න්‍යාප පත්‍ර ඔස්සේ ගමන් කරන පිරිසක්,  අපිට පේන විදිහට ජවිපෙ සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ආණ්ඩු බාර අරගෙන, ජනාධිපතිවරු බිහිකරලා ඉවරයි මේ වෙනකොට, නමුත් ඔවුන්ට ප්‍රායෝගිකව ඒ බලාපොරොත්තු ඉටුකරගන්නට බැරි වෙන බව දන්න නිසා යළිත් රටේ අරගල ඇතිකරලා රට අගාධයට ඇද දැමීමේ උවමනාවන් තමයි මේ ඉටුකරගන්න හදන්නේ, අපේ සංස්කෘතිය, සභ්‍යත්වය පැත්තක තියලා ඒක තමයි ජවිපෙ රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන් භාවිතා කරලා රටට නැකැත් ප්‍රහාර එල්ල කරන්න හදන්නේ, විශේෂයෙන් ජවිපෙ රටේ ආගාධයට ඇද දමන්න කෙටි පාරවල් සොයන බවක් පේනවා. ඒ කෙසේ වුවත් අපි කියන්නේ මේ පිළිබදව ජනාධිපතිතුමා, අගමැතිතුමා, සංස්කෘතික ඇමතිවරයා වහාම අවධානය යොමු කළ යුතුයි කියලා, මේක බරපතළ කාරණයක් අවුරුදු දහස් ගණනක් පැවති අපේ සංස්කෘතියට පයින් ගහලා ඔවුන්ගේ උවමනා එපාකම් ඉටුකරගන්නට අපි ඉඩ නොතැබිය යුතුයි. විශේෂයෙන්ම සදහන් කළ යුතුයි මේ නැකැත් ගැටළුවේ දී රට වෙනුවෙන් මේක නිවැරදි කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම මම කරනවා. හොදම විදිහට මේ ගැටළුව විසදන්න අපි බලාපොරොත්තු වෙනවා. මොන දේ කරන්නත් අපිට ඉස්සරලාම රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනෙ, කාගේවත් පටු අරමුණ මුදුන්පත් කර ගන්න රට, රටේ මහා සංස්කෘතිය, සභ්‍යත්වය උගසට තියන්න දෙන්න බෑ යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවති දෙවන විස්ස විස්ස තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8 ක ජයක් ලබාගත්තා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යනුවෙන් ග්‍රන්ථයක් හෙට (07) එළිදැක්වීමට නියමිත බව දවස පුවත් වෙත වාර්තා වේ. ඒ බව සදහන් කරමින් එතුමාගේ ලිපි ශීර්ෂය යටතේ අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙදා සිංහල, හින්දු අවුරුදු නැකත් යක්කු ගස්යන වෙලාවට - ජ්‍යොතිෂයවේදීන්ගේ සංගමයෙන් දැඩි විරෝදතාවයක්..! 2024 වන මෙම වසරේ සිංහල, දෙමල අලුත් අවූරුදූ නැකත් යක්කු ගස් නගින වෙලාවනට සාදා ඇති බවට ජ්‍යොතිෂයවෙදීන්ගේ සංගමයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ලවී ඇත. ආහාර අනුභවය ඇතුළු මෙවර අවුරුදු නැකත් ලබාදී ඇත්තේ මධ්‍යම රාත්‍රියේ බැවින, එය යක්කුන්ට සහ ප්‍රේතයින්ට දොළ පිදේනි දෙන වේලාවන් ලෙස හැදින්වියහැකි බවද, ඒබැවින් එම වේලාවන් අනුමත කල නොහැකි බවද ජ්‍යොතිෂයවේදීන්ගේ සංගමයේ, ජාතික නැකැත් කමිටුවේ ඒකමතික තීරණයයි. මෙම වසර සදහා අවුරුදු නැකත් සෑදීමේදී "රාජ්‍ය නැකත් කමිටුව" ජොතිෂ්‍යය, සංස්කෘතිය හෝ චාරිත්‍ර වාරිත්‍ර කිසිදු දෙයකට මුලිකත්වයක් දී නොමැති බවද, මෙම නැකත් සෑදීමේදී කිසිදු ජ්‍යොතිෂය මුලාශ්‍රයක් උපයෝගි කොටගෙන නොමැති බවද, අවම වශයෙන් 'නාරද සංගීතාව' හෝ 'නැකැත් සිතු රුවන' යන ග්‍රන්ථයන් පරිශීලනය කොටගෙන නොමැති බවද ඔව්න් වැඩි දුරටත් සඳහන් කරයි. මේ ආකාරය දෝෂ සහිත අවූරුදු නැකත් සාදා ජනගත කීරීම බරපතල වරදක් සේම, රට ව්‍යසනයක ඇද දැමීමක් හෙයින්, මේ බරපතල කාරණය, අතිගරු ජනාධිපති තුමා, අගමැති තුමා සහ සංස්කෘතික ඇමතිවරයා ගේ අවධානයට යොමුකරන බව ඔව්න් වැඩි දුරටත් සඳහන් කරයි. 05.03.2024 පැවති මාධ්‍යය හමුවකදී ඔව්න් විසින් මෙම අනාවරණය සිදුකරන ලදී.

මාස නවයකට වැඩි කාලයක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පැළද සිටි එලෝන් මස්ක් පළමු වතාවට එම ස්ථානයෙන් පහළට වැටී ඇත.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.