Weather icon
24°C 
News Category
From Date
To Date
Maximum Number of Result

සය දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) චීනයේ බෙයිජිං නුවරට ළඟා වූ බව වාර්තා වෙනවා.

කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික, පා. ම. හරිනි අමරසූරිය අවධාරණය කරයි.

මාලිමාවේ පාලන බලයක් යටතේ අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන බව අනුර කුමාර දිසානායක කැනඩාවේ ටොරොන්ටේහි දී පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.

"77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!"යන තේමාව යටතේ උත්තර ලංකා සභාගය කැඳවා තිබූ "ජන පෙළගැස්ම" විශේෂ ජන හමුව පසුගියදා (23) මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී පවත්වනු ලැබීය.

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිළ පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළද අමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ ආහාර සන්නාමයක් වන McDonald’s ලංකාව තුළ පිහිටි සියලුම ශාඛා නැවත දැනුම් දෙන තුරු වසාදමන බවට වාර්තා පළවෙනවා.

මෙරට හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) CIDයට කැදවා ඇතැයි දවස පුවත් වෙත වාර්තා වෙනවා.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි දවස පුවත් වෙත වාර්තා වෙනවා.

‍හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමාට මීට සති 3කට පෙර ලැබුණු තොරතුරක් අනුව තමා පාස්කු ප්‍රහාරය පිළිබද පසුගිය දා අනාවරණය කර සිටි බවයි.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.