ශ්රී ලංකා විශේෂ බලකායේ සේවය කර පසුව ඉන් ඉවත් ව රුසියාවේ කුලී හමුදාවේ සේවය කළ සෙබළෙකු අද (09) උදෑසන දිවයිනට පැමිණියේ ය. ඔහු සඳහන් කරන ලද තොරතුරුවලට අනුව ඔවුන් මුලා කර මෙම සේවයට බඳවා ගෙන ඇති බව පැහැදිලි ය. ශ්රී ලංකා යුධ හමුදාවේ සේවය කළ ඔවුන් ව රුසියානු හමුදාවට බඳවා ගන්නා බව පවසා ඔවුන් ව රුසියාවට ගෙන ගොස් ඇත. එලෙස ම එහි ගිය වහා ම රුසියානු විදේශ ගමන් බල පත්රයක් ද ඔවුන් ලබා දෙන වරප්රසාදවලට අනුව තම පවුලේ අය පවා රුසියාවට ගෙන්වා ගත හැකි බව ඔවුන්ට පවසා ඇත. සැබැවින්ම රුසියාව මේ සිදු කරන්නේ මිනිස් ජාවාරමක් නොවේ ද ? එය සිදු වන්නේ හමුදා සොල්දාදුවන් අතරේ පමණක් ද ?
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට