Weather icon
24°C 
News Category
From Date
To Date
Maximum Number of Result

මාතර වැලිගම පදිංචි 24 හැවිරිදි කාවින්ද්‍යා මධුශානි සිය පළමු දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22 දා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත .

ඉකුත් ජනවාරි මාසයේ පැවති උසස් පෙළ විභාගය, ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

2024 වර්ෂයට අදාල ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වෙනි දා පැවැත්වීමට නියමිත ය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

පසුගිය 15 වෙනිදායින් නිම වන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා ජුනි 04 වන දින සිට පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත .

“නොකළ යුත්තේ කුමක් ද” යන මැයෙන් සංවාදාත්මක නව කතිකාවක් “අලුතින් හිතමු, ජාතික සාමූහිකය” නමැති සංවිධානය මගින් ඊයේ (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරුණා.

අයහපත් කාලගුණය හේතුවෙන්.පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසා සිටියා

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන සියලු ම පාසල්වල අ.පො.ස. උසස් පෙළ පන්ති 2024.06.04 වන දින ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත.

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.