Weather icon
24°C 
News Category
From Date
To Date
Maximum Number of Result

ඊයේ (29) පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බළමණ්ඩලය සැලසුම් සහගත නාට්‍යයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

නව පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

අද (29) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල හමුවෙන් අනතුරුව එම පක්ෂයේ මැති, ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇති බව වාර්තා වෙනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදස මහතාගේ මූලිකත්වයෙන් සිදුකරගෙන යන “සක්වල සහ හුස්ම” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) මහරගම දී පැවති ජාතික හෙද සමුළුවට රජයේ හෙද, හෙදියන් නිල ඇදුමින් සහභාගි වීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කැෆේ සංවිධානය පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අද (29) පස්වරුවේ පැවති පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.

ජනඅරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන බව එම සන්ධානය අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී නිවේදනය කරනු ලැබුවා.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ආසියානු කුසලානය ප්‍රථම වතාවට දිනාගැනීමට අද (28) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.