Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නොනිල වශයෙන් පෙනී සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එයින් ඉවත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (07) නම් කෙරුණා.

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග අද (07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තෙවන හා අවසාන එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මැද පෙරදිග කලාපයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපයේ, විශේෂයෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවධානයෙන් පසුවන්නැයි බලධාරීන් ඉල්ලා සිටිනවා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 අවසන් පූර්ව වටයෙන් 44.75කින් තරගය අවසන් කරමින් පස්වැනි ස්ථානය දිනාගන්නට අරුණ දර්ශන ක්‍රීඩකයා සමත් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමට සියල්ල සූදානම් කර තිබිය දී පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එයින් ඉවත් වන බව පොදුජන පෙරමුණට දන්වා තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බව සදහන් කරමින් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ විහාරස්ථානය ඉදිරිපිට සකසා තිබූ ආදාහන මළුවේ දී සිදුකෙරුණි.

2022 මැයි 09 ලංකාවේ ඇති වූ අරගලය හා සමවෙමින් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ගයකින් පසුගිය ජූලි මස ඇති වූ බංග්ලාදේශ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2009 වර්ෂයේ සිට එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂීක් හෂීනාට අද (05) එම ධුරය අතහැර රටින් පළායන්නට සිදු විය.

2025 වර්ෂය සදහා වන රජයේ සහ බැංකු නිවාඩු දිනයන් විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.