Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අද (28) හෝමාගම බස්නැවතුම්පොළ පරිශ්‍රයේ පැවති උත්සවයක දී ප්‍රකාශ කර තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයා මේ වන විට තමා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇප මුදල් ද තැන්පත් කර ඇති පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය තවම ප්‍රකාශ කර නෑ.

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කුසලාන දෙවන අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත් වුණා.

පක්ෂයක් විදිහට අපි එදා තීන්දුවක් ගත්තා රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න. අද වෙනකම් අපි වචනයකින්වත් ආණ්ඩුව අස්ථාවරත්වයට පත් කරන්න කිසිම ප්‍රකාශයක් කරලා නෑ.

සෑම සිව් වසරකටම වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය මෙවර ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

හිටපු යුදහමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) සිය X ගිණුමට පණිවුඩයක් යොමු කරමින් කියා සිටියේ තමා ද ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවයි.

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (25) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කර සිටියා.

දේශබන්දු තෙන්නකෝන් මහතා දරමින් සිටි පොලිස්පති ධුරයට අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන බව වාර්තා වෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඉන් බාධාවක් ඇති නොවන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අද (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා සිටියා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.