Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා “යාපනයට ගංගාවක්” (River for Jaffna) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විද්‍යුත් වීසා සේවා පැවති ක්‍රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් මාර්ගයෙන් පහසුකම් ලබාගැනීමට ඇමති මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ග‍ල්බොඩ ඤාණිස්සර නාහිමියෝ අද (02) දහවල් කොළඹ පෞද්ගලික රෝහලක දී අපවත් වූ බව වාර්තා විය.

සංවර්ධනයේ උපාය මාර්ගික වැඩපිළිවෙලක් සමග රටට සුදුසු නායකත්වයක් යෝජනා කිරීම වෙනුවෙන් “පිරිපුන්” සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ ජනරැළිය මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වුණා.

භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ලබාගන්නා අවස්ථාවේ දී බව ද සදහන් වෙනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා පැවති මහජන හමුවක් අමතමින් කියා සිටියේ අපි ඉන්නේ මෙතෙක් පැවැති 76 වසරක ඊනියා ප්‍රභූ පාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමේ තීරණාත්මක ජනාධිපතිවරණයක් අභියසයි. සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට තෝරා පත්කරගෙන ඉන්පසුව ජනතාවාදී පාලනයක් පිහිටුවා නව පුනරුද යුගය ආරම්භ කරනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන බව පේෂල මනෝජ්, දමිතා අබේරත්න ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ සිට දැනට පවතින් පෙනුමෙන් වෙනස් වූ නව මුහුණුවරක් යටතේ මෙරට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.