තම වත්කම් දරුවන්ට පැවරීමේදී දෙවරක් සිතා බැලීමට ඉන්දියාවෙන් ඇසුන අපූරු කතාවක්
තම වත්කම් දරුවන්ට පැවරීමේදී දෙවරක් සිතා බැලීමට ඉන්දියාවෙන් ඇසුන අපූරු කතාවක්.
වර්තමානයේ ඉන්දියාවේ සිටින ප්‍රධාන ප්රකෝටිපතියන් වන මුකේෂ් අම්බානිට හා ගෞතම් අන්දානිට වඩා ධන කූවේරයෙකු ඉන්දියාවේ සිටියේය.ඒ වැඩි ඈතක නොවේ.
අනූව දශකයේ මුල් භාගයේය.ජාත්‍යන්තර කීර්තියට පත් රෙදිපිළි සමාගමක් වන රේමන්ඩ් සමාගමේ හිමිකරු වූ ඔහු ඉන්දීය රජය මගින් පිරි නමන පද්ම භූෂණ ඇතුළු ගෞරව සම්මාන කීපයකටද හිමිකම් කීව් ඉන්දීය රුපියල් කෝටි 15000ක වත්කමක් තිබූ ආචාර්ය විජයපට් සිංහානියාය.
තට්ටු 36කින් සමන්විත මන්දිරයකටද හිමිකම් කිව් ඔහු අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු අසීමිත ලෙස දරු සෙනෙහස විස්වාස කරමින් වත්කමක් දරුවන් වෙත පවරා දෙනු ලැබු අතර ඔහුගේ බාල පුත්‍රයා ධනයට බලයට ලොල් වෙමින් සියලු වත්කමක් තමා වෙත පවරා ගැනීමෙන් පසු තම පියා පාරට ඇද දමනු ලැබීම ඉන්දියාවේ සිනමා නිර්මාණයක් වැනි වුවද එය සත්‍ය කතාවකී.
යස ඉසුරින් පිරුණු අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ,86 වෙනි වියෙහි පසුවන විජයපට් සිංහානියා අද මුම්බායේ කුලී නිවසක ජීවිතය අසරණව ගෙවන ඔහු සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහුට සිදු වූ අත්වැරද්ද සිදු නොවීමට වගබලා ගන්නා ලෙසයි.සියලු දරුවන් එසේ නොවීමට හැකි වුවත් තම භුක්තිය තබාගෙන දරුවන්ට වත්කම් පැවරීමට කටයුතු කිරීම වඩාත් යහපත් බවයි.ඔහු ඒ බව ඔහුගේ ජීවිත කතාව අළලා ලියන ලද "An Incomplete Life" ස්වයං චරිතාපදානය පොතෙහි සදහන් කර ඇත.
සටහන:- මුදල් මතම සියල්ල තීරණය කරන සමාජයකට මෙයින් ගත හැකි පාඩම් රාශියක් ඇත.මුදල් හම්බ කිරීමට දක්ෂ ආයෝජකයෙකු වුවත්,මනුස්සකම පිරුණු ආදරණීය දරුවෙකු වෙනුවෙන් ආයෝජනය කිරීමට අදක්ෂ වූවෙක් බවයි. ඒ අනුව අපට තේරුම් ගැනීමට ඇත්තේ මනුස්සකම පිරුණු ආදරණීය හැගීමක් ගොඩ නැඟෙන්නේ මුදල් මතින් නොවන බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්