නව හමාස් නායකයා යෙහ්යා සින්වර්
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ
පසුගිය දා ඉරානයේ, ටෙහෙරාන් අගනුවර දී ඝාතනය කිරීම හේතුවෙන්
පැවතුණ පුරප්පාඩුවට යෙහ්යා සින්වර් පත්කර ඇති බව වාර්තා වෙනවා.
කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී පැවති
දීර්ඝ සාකච්ඡා වලින් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය
වාර්තා කරනවා.
යෙහ්යා සින්වර් 2017 සිට ගාසා තීරයේ හමාස්
භට කණ්ඩායම් වෙනුවෙන් නායකත්වය ලබා දී ඇති අතර දැන් ඔහු සමස්ත හමාස් කණ්ඩායමේ
දේශපාලන අංශ නායකයා ලෙස ද කටයුතු කරන බව පැවසෙයි.
ඉස්මයිල් හනියේ ඝාතන චෝදනාව ඊශ්‍රායලයට
එල්ල වන අතර ඊට අනිවාර්ය පළිගැනීමක් සිදුකරන බව ඉරානය ප්රමුඛ හමාස් මිත්‍ර
පාර්ශ්ව රටවල් ඊශ්‍රායලයට තර්ජනය කරමින් ඇති මොහොතක මැද පෙරදිග කලාපයේ දිනෙන් දින
දැඩි ආතතියක් හටගනිමින් පවතී.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්