නේපාලයේ ගිනිගෙන අළු වූ ගුවන්යානයේ නියමුවා බේරෙයි
නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (24) ගුවන්ගත කර සුළු මොහොතකින් ගුවන් යානයක් කඩා
වැටී පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්
මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගුවන් නියමුවා මාරක ගුවන් අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වේ.
ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පෝකාරා වෙත ගමන් කරමින් තිබූ සෞර්යා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානයේ පුද්ගලයන් 19 දෙනෙකු පමණ සිට ඇත.
සෞර්යා ගුවන් සේවයේ
තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 17
දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මෙම ගුවන් යානයේ සිට
ඇති අතර එය පරීක්ෂණ ගුවන් ගමනක නිරත වන අතරතුර අනතුරට ලක්ව තිබේ.
සෞර්යා ගුවන් සමාගමෙහි වෙබ් අඩවියට අනුව Bombardier CRJ-200 ජෙට් යානා
තුනකින් සමන්විත සිය යානා ඇණිය නේපාලය තුළ ගමනාන්ත පහකට ගුවන් ගමන් ක්‍රියාත්මක
කරයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එම ගුවන්යානා තුන අතුරින් එක්
යානයකි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්