මැදපෙරදිග යුද ගිනිදැල් ඇවිළීමට ආසන්නයි ?
අද
(31) අළුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී සිදු වූ ප්‍රහාරයකින් තම දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය වූ බව
හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.
ඉරානයේ
පසුගිය දා පැවති ජනාධිපතිවරයෙන් තේරී පත් වූ ජනාධිපති මසූද් පෙෂෙස්කියන්ගේ
දිවුරුම් දීමට සහභාගි වීමෙන් අනතුරුව ටෙහෙරානයේ යුද ප්‍රවීණයන් සඳහා වූ ගොඩනැගිල්ලක හමාස් නායකයා ලැගුම්ගෙන සිටිය දී ඊට ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු
කරයි.
මීට පැහැදිලිවම වගකිව යුත්තේ ඊශ්‍රායලය බවට ඉරානය දොස් පවරා ඇති නමුත් තවමත් එම චෝදනාවලට ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වා නැත.
ඉරානයේ වත්මන් ජනාධිපතිවරයා හමාස් සංවිධානයේ වැදගත්ම නායකයා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ඝාතනය සමග දැඩි කේන්තියකින් පසුවන බවත් මීට ඉරානය දැඩි ප්‍රතිචාර
දැක්වීමට කටයුතු කරන බවට ද දිවුරුම් දී ඇති බව වාර්තා වේ. මෙම ඝාතනය හේතුවෙන් ඉරානයේ
දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
මේ හේතුවෙන් ඉදිරි දිනවල දී මැදපෙරදිග
කලාපයේ උණුසුම් තත්ත්වයක් හට ගැනීමට හැකි බවට ද ජාත්‍යන්තර මාධ්‍ය අනතුරු
අගවා ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්