Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාව යළිත් නිකොලස් මදුරෝට

Jul 29, 2024 at 11:15 PM
|


ඊයේ (28) පැවති වෙනිසියුලාවේ ජනාධිපතිවරණයෙන් පාලක සමාජවාදී පක්‍ෂයේ නායක නිකොලස්  මදුරෝ ජයග්‍රහණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී නිකොලස් මදුරෝ 51.20%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් වී ඇති අතර විපක්‍ෂයේ අපේක්ෂකයා වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් උරුටියා 44.2%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත. කෙසේ වෙතත් විපක්ෂය මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර නව පාලනයට එරෙහිව නැගී සිටින ලෙස හමුදාවෙන්ද ඉල්ලා ඇති අතර ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් රාශියක් නිල චන්ද ප්‍රතිඵල පිළිබඳව සැක පකරන බව වාර්තා වේ.

වෙනිසියුවෙලාවේ ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) විසින් ඉරිදා සවස ප්‍රකාශයට පත් කරන ලද නිල ප්‍රතිඵලවලට අනුව 80%ක ඡන්ද පත්‍රිකා ගණන් කිරීමෙන් සහ 59%ක සහභාගීත්වය තහවුරු කිරීමෙන් පසුව, හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ (1999-2013) උරුමක්කාරයා වන 61 හැවිරිදි මදුරෝ මිලියන 5.15 ඡන්ද (51.2%) සමඟ අඛණ්ඩව තුන්වන වසර 06කට එනම් 2030 දක්වා නැවත තේරී පත් වී ඇති බව නිවේදනය කර ඇත. විරුද්ධ පක්ෂ අපේක්ෂක PUD පක්‍ෂයේ එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් උරුටියා ඡන්ද මිලියන 4.5ට අඩු (44.2%) ලබා ගෙන ඇත.

කෙසේ වෙතත් පරාජිත විපක්‍ෂයේ අපේක්‍ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලේස් උරුටියා නිකොලස් මදුරෝගේ පත්වීමට එරෙහිව විරෝධතා ජනතාව කැඳවීමක් සිදුනොකරන බවත් ජනතා මතයට ගරු කරන බවත් මාධ්‍ය ඉදිරියේ පවසා ඇති බව ද වාර්තා වේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මදුරෝගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සුබ පතමින් ටෙලිග්‍රෑම් පණිවිඩයක් යවා ඇති අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා රුසියාවේ සංචාරයක් සඳහා ද ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Related News

තායිලන්ත පාර්ලිමේන්තුව විසින් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සහ තායිලන්තයේ හිටපු නායක තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය පයේතොන්තාන් ෂිනවත්‍රා එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස තෝරාපත් කරගෙන ඇත.
පසුගියදා යුක්‍රේනය රුසියාව නොසිතූ අන්දමේ ආක්‍රමණික ප්‍රහාරයක් එල්ල කරමින් රුසියානු භූමියේ පිහිටි කෘර්ස්ක් ප්‍රදේශය කඩා වැදුණා.
පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ වයඹ දිග ප්‍රදේශයක දී කුඩා ගැහුණු ළමුන් තිදෙනෙකුට මරු කැදවමින් සහ තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුකරමින් 17 හැවිරිදි තරණයෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින් අනතුරුව පසුගිය සතිය පුරාවට එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයක විශාල කැරලි ඇති විය.
බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී 84 හැවිරිදි මොහොමඩ් යූනුස් අද (08) බංග්ලාදේශයට පැමිණි බව වාර්තා විය.
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ පසුගිය දා ඉරානයේ, ටෙහෙරාන් අගනුවර දී ඝාතනය කිරීම හේතුවෙන් පැවතුණ පුරප්පාඩුවට යෙහ්යා සින්වර් පත්කර ඇති බව වාර්තා වෙනවා.
2022 මැයි 09 ලංකාවේ ඇති වූ අරගලය හා සමවෙමින් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ගයකින් පසුගිය ජූලි මස ඇති වූ බංග්ලාදේශ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2009 වර්ෂයේ සිට එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂීක් හෂීනාට අද (05) එම ධුරය අතහැර රටින් පළායන්නට සිදු විය.
අද (31) අළුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී සිදු වූ ප්‍රහාරයකින් තම දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය වූ බව හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.
වත්මන් ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමා මෙවර ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වන බවයි.
නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (24) ගුවන්ගත කර සුළු මොහොතකින් ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.